ඡායාරූප සටහන චීන අලුත් අවුරුද්දට සංස්කෘතික සැමරුමක් (ඡායා / වීඩියෝ) Published 4 months ago on January 20, 2025 By editor මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශයේ සත්කාරකත්වයෙන් චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සංස්කෘතික සැමරුමක් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී ඊයේ (19) පැවැත්විණි. එම උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය එහිදී අග්‍රාමාත්‍යවරිය විසින් සභාවට ඉදිරිපත් කළාය. චීන සංස්කෘතිකාංග සමගින් වර්ණවත් වූ මෙම සැමරුම් උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ශ්‍රි ලංකාවේ චීන තානාපති චී ජන්හොන්ග් මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරු ඇතුළු ශ්‍රී ලාංකිකයන් සහ චීන ජාතිකයින් පිරිසක් එක්ව සිටියහ. මේ වැඩසටහන හර්නෑන් පළාතේ ජ’ංජෝ (Zhengzhou) නගරයේ සංස්කෘතිය පිළිබඳ නගර කාර්යාංශය, සිචුවාන් සංචාරක සරසවිය, මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානය, පොර්ට් සිටි කලම්බෝ පුද්ගලක සමාගම හා සිනමන් හොටේල් ඇන්ඩ් රිසෝට් පුද්ගලික සමාගම විසින් සංවිධානය කර තිබිණි.අලුත් අවුරුදු සැමරුමට සමගාමීව Henan Art Troupe සහ Sichuan Chef Team හි 34 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද ලංකාවට පැමිණ සිටී. ජනවාරි 20 සිට 23 දින දක්වා “චීන ආහාර සැණකෙළිය” හා “වරාය නගර චීන සංස්කෘතික රාත්‍රිය” පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත. (ඡායා – ශානිකා ජයසේකර / වීඩියෝ – කැළුම් ශිවන්ත) Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ