Videos චීන සංස්කෘතික ප්‍රදර්ශනයක් කොළඹදී (ඡායා/වීඩියෝ) Published 1 year ago on May 10, 2024 By editor චීන සංස්කෘතිය පිළිබඳ ප්‍රදර්ශනයක් ඊයේ (මැයි 09) කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රදර්ශන ශාලාවේදී ආරම්භ විය. ඡායාරූප, කලා භාණ්ඩ, අත්කම් හා චීන අක්ෂර කලාව පිළිබඳ මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකා – චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය (ASLCSCC) විසිනි. මෙම ප්‍රදර්ශනය අද දිනයේදී ද පැවැත්වේ. මෙය, ඔක්තෝබර් 01 වැනිදා පැවැත්වීමට නියමිත මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා මෙරට පැවැත්වීමට නියමිත වැඩසටහන් මාලාවක සමාරම්භයයි. ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත අදහස් දක්වමින් ASLCSCC සභාපති – ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා පැවසුවේ මෙම සංවත්සරය සැමරීමට වැඩසටහන් 75ක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවයි. චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ නිලධාරීන්, ASLCSCC සාමාජිකයින් සහ පාසල් සිසු සිසුවියන් ඇතුළු අමුත්තන් පිරිසක් මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්විය. (ඡායා : ශානිකා ජයසේකර) Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්1 week ago මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්1 week ago එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක් පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි