Connect with us

ඡායාරූප සටහන

ජගත් යෝගා දිනය ලංකාවේදී මෙවරත් සමරයි (ඡායා)

Published

on

කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, එහි සංස්කෘතික අංශය වන කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය, යාපනය ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය, හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය සහ මහනුවර සහකාර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය 9 වන ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් 2023 ජූනි 17 – 21 අතර දිවයින පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.

“වාසුධායිව කුටුම්බකම් සඳහා යෝගා” යන තේමාව යටතේ සුවිසල් මහජන වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (17) දිනයේදී පෙ.ව. 6.45 සිට කොළඹ, නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වුණි.

ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සමඟ එක්ව පැවැත්වෙන මෙම අවස්ථාවට ජනතාවට සහභාගි වීමේ අවස්ථාව නොමිලයේ හිමිවූ අතර, මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු අමුත්තන් රැසක් සහභාගී විය.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ එම කාර්යාලයට අනුබද්ධ ආයතන එක්ව 9 වැනි ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් රට පුරා ප්‍රදේශ රැසක මේ මස 17දා – 21දා දක්වා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.

අද (19) දිනයේදී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් කොළඹ වරායේදී තවත් යෝගා වැඩසටහනක් පැවැත්වීමට නියමිතය.

ඡායාරූප සටහන

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂකවරයා හා කථානායක අතර හමුවක්

Published

on

By

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂක, යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝස් ඉග්නාසියෝ සැන්චෙස් අමෝර් (Jose Ignacio Sanchez Amor) මහතා, ඇතුළු නියෝජිත පිරිස පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේදී ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.

මෙම හමුවේ දී පළමුව කථානායකවරයා ඇතුළු නව රජය වෙත යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂකවරයා සිය සුබ පැතුම් එක් කළේය. අනතුරුව යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් කණ්ඩායම විසින් සකස් කළ 2024 ජනාධිපතිවරණ නිරීක්ෂණ ඇතුළත් අවසන් වාර්තාව කථානායකවරයා වෙත පිළිගන්වනු ලැබීය. ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණය පැවැත්වීම පිළිබඳව යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂකවරයාගේ ප්‍රසාදය මෙහිදී හිමිවි‍ය. මෙම හමුවේදී මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය අගය කළ ඒ මහතා තවදුරටත් එම කොමිෂන් සභාව ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. එමෙන්ම වර්තමාන පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ඉහළ අගයක පැවතීම පිළිබඳවද ඒ මහතා සිය ප්‍රසාදය පළ කළේය.

මෙහීදී අදහස් දක්වමින් ගරු කථානායකවරයා, යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම විසින් ඔවුන්ගේ අත්දැකීම බෙදා ගැනීම පිළිබඳව සිය ස්තුතිය පළ කළේය. වර්තමානය වනවිට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගයන්ගෙන්, වඩාත් විනිවිදභාවයකින් යුක්තව, දුෂණයෙන් තොර පාලනයක් කරා රජය කටයුතු කරමින් සිටින බව මෙහිදී කථානායකවරයා අවධාරණය කර සිටියේය. මේ අතර ආබාධ සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සමුළුවක් පළමු වරට මෙරටදී පැවැත්වීමට අවශ්‍ය සැළසුම් සකස් කරමින් සිටින බවද මෙහි දී ගරු කථානායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

Continue Reading

ඡායාරූප සටහන

චීන අලුත් අවුරුද්දට සංස්කෘතික සැමරුමක් (ඡායා / වීඩියෝ)

Published

on

By

මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශයේ සත්කාරකත්වයෙන් චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සංස්කෘතික සැමරුමක් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී ඊයේ (19) පැවැත්විණි.

එම උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය එහිදී අග්‍රාමාත්‍යවරිය විසින් සභාවට ඉදිරිපත් කළාය.

චීන සංස්කෘතිකාංග සමගින් වර්ණවත් වූ මෙම සැමරුම් උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ශ්‍රි ලංකාවේ චීන තානාපති චී ජන්හොන්ග් මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරු ඇතුළු ශ්‍රී ලාංකිකයන් සහ චීන ජාතිකයින් පිරිසක් එක්ව සිටියහ.

මේ වැඩසටහන හර්නෑන් පළාතේ ජ’ංජෝ (Zhengzhou) නගරයේ සංස්කෘතිය පිළිබඳ නගර කාර්යාංශය, සිචුවාන් සංචාරක සරසවිය, මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානය, පොර්ට් සිටි කලම්බෝ පුද්ගලක සමාගම හා සිනමන් හොටේල් ඇන්ඩ් රිසෝට් පුද්ගලික සමාගම විසින් සංවිධානය කර තිබිණි.
අලුත් අවුරුදු සැමරුමට සමගාමීව Henan Art Troupe සහ Sichuan Chef Team හි 34 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද ලංකාවට පැමිණ සිටී.

ජනවාරි 20 සිට 23 දින දක්වා “චීන ආහාර සැණකෙළිය” හා “වරාය නගර චීන සංස්කෘතික රාත්‍රිය” පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත.

(ඡායා – ශානිකා ජයසේකර / වීඩියෝ – කැළුම් ශිවන්ත)

Continue Reading

කලා

දමිළ කිවිඳුට උපහාර ලෙස නම් කල, සංස්කෘතික මධ්‍යස්ථානය 

Published

on

By

දමිළ කිවිඳුට උපහාර ලෙස නම් කල, සංස්කෘතික මධ්‍යස්ථානය යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය ‘තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය’ ලෙස නම් කෙරේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් 2025 ජනවාරි 18 වන දින පැවති උත්සවයකදී යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය ශ්‍රේෂ්ඨ දමිළ කවියකු සහ දාර්ශනිකයකු වන තිරුවල්ලුවර්තුමාට උපහාරයක් ලෙස ‘තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය’ ලෙස නම් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කර්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායම්, යාපනය නාගරික කොමසාරිස් එස්. ක්‍රිෂේන්ද්‍රන්, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අතපත්තු, යාපනයේ ඉන්දීය කොන්සියුලර් ජෙනරාල් සායි මුරලි යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ යාපනයේ කලාකරුවන් රැසක් සහභාගී වූහ.

මෙම සුවිශේෂී අති නවීන ගොඩනැගිල්ල මහල් දෙකක් පුරා පැතිරුණු කෞතුකාගාරයක්, ප්‍රේක්ෂකයන් 600කට වැඩි පිරිසකට අසුන් ගත හැකි රංග පීඨ ආකාරයේ අති නවීන ශ්‍රවණාගාරයක්, එකළොස් මහල් ඉගෙනුම් කුළුණක් සහ එළිමහන් රංග පීඨයක් ලෙස ද භාවිතා කළ හැකි පොදු මහජන චතුරස්‍රයක් යනාදි විවිධ පහසුකම්වලින් සමන්විත වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved