Connect with us

ඡායාරූප සටහන

ජපන් අධිරාජ්‍යවරයාගේ 65වන ජන්ම දිනය කොළඹදී සැමරේ (ඡායා)

Published

on

2025 පෙබරවාරි මස 23වන දිනට යෙදී ඇති ජපන් අධිරාජ්‍ය උතුමාණන්ගේ 65 වැනි ජන්ම දිනය සමරනු වස්, කොළඹ ජපන් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද උත්සවයක් ඊයේ (18) තානාපති නිල නිවසේදී පැවැත්වුණි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් ද එක්විය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති – අකිඕ ඉසොමතා මහතා විසින් පැමිණ සිටි අමුත්තන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීම සඳහා සහභාගී වූ සෑම කෙනෙකුගේම දායකත්වය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ එතුමා, තවදුරටත් සමෘද්ධිය සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් වේවායි ප්‍රාර්ථනා කළේය.

මෙම උත්සවය දිගුකාලීන මිත්‍ර සම්බන්ධතාවයන් පුනර්ජීවනය කළ අතර, නිල සංවර්ධන සහාය [Official Development Assistance (ODA)] ව්‍යාපෘති සහ  ශ්‍රී ලංකාව පදනම් කරගත් ජපන් සමාගම්වල ක්‍රියාකාරකම් ද ඇතුළුව දෙරට අතර පුළුල් සහයෝගීතාව ප්‍රදර්ශනය කිරීම සඳහා අගනා වේදිකාවක් ද සපයන ලදී. මෙහිදී ඉකෙබානා (ජපන් මල් සැකසීමේ කලාව), කරාතේ සංදර්ශණ සහ සකේ පානයන් රස විඳීම තුළින් ජපන් සංස්කෘතිය අත්විඳීමේ අවස්ථාව ද පැමිණ සිටි අමුත්තන් හට හිමි විය. 

ජපාන තානාපති කාර්යාලය දෙරට අතර ශක්තිමත් සහ මිත්‍රශීලී සබඳතා වර්ධනය කිරීමට කැපවී සිටින අතර, ඉදිරි කාලය තුළද තවදුරටත් සහයෝගීතාවය අපේක්ෂා කරයි.

ඡායාරූප සටහන

කච්චතිව් දේව මංගල්‍යය සාර්ථකව අවසන්  (ඡායා)

Published

on

By

ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්‌ෂික දේව මංගල්‍යය පසුගිය දෙදින තුළ (14 හා 15 ) කච්චතිව් දූපතේදී සාර්ථකව පැවැත්වුණි.

වාර්ෂිකව පැවැත්වෙන මෙම දේවමංගල්‍ය  ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය පූජක ප්‍රසාදීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් සංවිධානය කර තිබුණි

ඉන්දීය සහ ශ්‍රී ලාංකික බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම දේව මංගල්‍ය සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා,නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

කොළඹට පැමිණි ඉන්දීය යුද නෞකාව

Published

on

By

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ.

එම නෞකාව ඊයේ (03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව පවසයි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Corvette වර්ගයට අයත් ‘INS KUTHAR’ නෞකාව, දිගින් මීටර් 91.16කි.

නෞකාවේ කාර්යමණ්ඩලය 129ක ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර් Nitin Sharma කටයුතු කරනු ලබයි.

මෙම නිල සංචාරයේදී ‘INS KUTHAR’නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරුණි.

මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි  කාර්යමණ්ඩලය කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් හා පුහුණු හුවමාරු වෙනුවෙන් සංවිධානය කෙරෙණ වැඩසටහන් සඳහා සහභාගීවීමට නියමිතව ඇත.

‘INS KUTHAR’නෞකාව නිල සංචාරය නිමා කරමින් 2025 මාර්තු මස 06 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

Continue Reading

ඡායාරූප සටහන

අවුරුදු සමයේ පාරිභෝගිකයන්ට අඛණ්ඩව අත්‍යාවශ්‍ය ආහාර සැපයුමක් සහතික කෙරේ 

Published

on

By

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරු සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ සිව්වන වරටත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (03) රැස් වූහ.

එළැඹෙන අලුත් අවුරුදු සමයේ ජනතාවට හිගයකින් තොරව සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තොග පවත්වා ගැනීම ඇතුළු අනෙකුත් පියවර  පිළිබඳව ද දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.

පාරිභෝගිකයාත්, ගොවි ජනතාවත්, නිෂ්පාදකයාත් ආරක්ෂා කරගනිමින් මෙම සියලු පියවරයන් ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

විශේෂයෙන් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිගු ආනයනයට අප්‍රේල් 01 වැනිදායින් පසුව අනුමැතිය ලබා දීමට ද සාකච්ඡා විය.

බඩඉරිගු ආනයනයේදී නව ක්‍රමවේදයක අවශ්‍යතාව අවධාරණය කළ කෘෂිකර්ම,  පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යය කේඩී ලාල්කාන්ත මහතා එය ක්‍රියාත්මක වන තුරු පැරණි ක්‍රමවේදය පවත්වාගෙන යාමට උපදෙස් ලබා  දුන්නේය.

විවිධත්වයෙන් යුතුව ආහාර තෝරා ගැනීමට පුරවැසියාට ඇති අයිතිය තහවුරු කිරීම සහ උසස් තත්ත්වයේ නිෂ්පාදන පරිභෝජනය කිරීමට අවස්ථාව ලබාදීය යුතු බවද මෙහිදී සඳහන් කෙරිණි.

සියලු පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර සැපයුමක් සහතික කර ලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණයි.

අග්‍රාමාත්‍ය ලේකම්  ජී.පී. සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුන්ද, අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved