Connect with us

ඡායාරූප සටහන

තෛපොංගල් සැමරූ අගමැතිනිය හා විපක්ෂනායක

Published

on

අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරුන් ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් තෛපොංගල් සැමරුමක් ඊයේ කොළඹ, බම්බලපිටිය, කදිරේසන් වජිර පිල්ලෙයාර් කෝවිලේ දී පැවැත්විණි.

සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් නියෝජනය කරන සිංහල, දෙමළ දේශපාලන නායකයන් රැසක් මෙම අවස්තාව සඳහා එක්විය.

ඡායාරූප සටහන

ශක්තිමත් ආර්ථිකයක් වෙනුවෙන් මෙවර අයවැයෙන් මූලික පියවර  තැබුවා

Published

on

By

පැවති පාලනයන්ගේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් බංකොලොත්භාවයට පත් වූ අප රට මේ වන විට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යම් කිසි පරිවාසයකට යටත්ව බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ තත්ත්වය තුළ රටක් ලෙස ගොඩනැගීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට මෙවර අයවැයෙන් මූලික පියවර තැබූ බව ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ සිනමන්ඩ් ලයිෆ් හෝටලයේ අද (19) පැවති “2025 පශ්චාත්  අයවැය  කතිකාවත 2025” (POST BUDGET FORUM 2025 )  සංවාදයට එක්වෙමිනි .

ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් ණය ගෙවීම සඳහා ලබා ගත්  වසර තුනක විරාම කාලය හොඳින් උපයෝගි කර නිවැරදි ආර්ථික කළමනාකරණයක් තුළින් 2028 වන විට ණය ගෙවීමේ ශක්‍යතාවක් ඇති කිරීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපති අනුර දිසානායක මහතා කියා සිටියේය.

බංකොලොත්භාවයට පත් වූ රටක් නැවත ගොඩනැගීමට ලෝකයේ බොහෝ රටවලට දශකයක් ගත වී ඇති නමත් ශ්‍රී ලංකාවට ඉන් මිදීමට  දශකයට වඩා අඩු කාලයක් ගත කාලයක් ගත වේ යැයි පුරෝකථනය කළ හැකි බවත් මෙහිදී ජනපතිවරයා පැවසීය.

රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15.1%ක් දක්වා වර්ධනය කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙන බවත් ප්‍රමුඛතාවන් හඳුනාගෙන මුදල් වැය කිරීම  රජයේ අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය .

ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා ආර්ථිකය ගමට තල්ලු කිරීමත්, පුරවැසියා ආර්ථිකයේ කොටස්කරුවකු කර ගැනීමටත් මෙවර අයවැය මගින් අවධානය යොමු කර ඇති අතර ඉන් පුරවැසියාට ප්‍රතිලාභ ලැබීමේ හැකියාවද ඉහළ යනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා පළ කළේය.

ආර්ථිකයෙන් පිටමං කළ කණ්ඩායම් නැවත ආර්ථිකයට එකතු කර ගනිමින් ගම් මට්ටමෙන් කුඩා ආර්ථික ඒකක නිර්මාණය කිරීමට වත්මන් රජය සැලසුම් කර ඇති අතර ඒ අනුව සුළු හා  මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් ගොඩනැගීමේ උන්මාදයක් රට තුළ ඇති කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

කර්මාන්තයට සහාය දීම රජයේ අරමුණ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිෂ්පාදන පිරිවැය අඩු කිරීම තුළින් පාරිභෝගිකයාට සහන සැලසීම රජයේ ඉලක්කය බවද කියා සිටියේය.

ග්‍රාමීය දුප්පත්භාවයෙන් රට ගොඩනැගීමට අධ්‍යාපනය සඳහා මෙවර අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කර ඇති බවද එමගින් පාසල් පද්ධතිය තුළ මානව සම්පත හා භෞතික සම්පත්  ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒක රේඛීය අධ්‍යාපනය වෙනුවට බහු රේඛීය අධ්‍යාපනයක් ඇති කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා මෙවර අයවැයෙන් අවධානය යොමු කර ඇති අතර රාජ්‍ය සේවාව ලබා දීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. එම නිසා රාජ්‍ය ආයතන වියදම් සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වේ.

දේශපාලන අධිකාරිය දූෂණයෙන් තොර තැනක් බවට පත් කර තිබෙන බවත්, අල්ලස් නොදෙන සංස්කෘතිකයක් ඇති කිරීම පුරවැසියා සතු වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා නව වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වසරේ ඉහළ අපනයන ආදායමක් අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

වරාය කේන්ද්‍ර  කර ගත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා වත්මන් රජයේ අවධානය යොමුව ඇති අතර කාර්යක්ෂම බහාලුම් හුවමාරු මධ්‍යස්ථානයක් ඇති කිරීමටද  මෙවර අයවැය  මගින් අවධානය යොමු කර ඇත .

සංචාරක කර්මාන්තය දිරි ගැන්වීම සඳහා නගර ප්‍රවර්ධන (City Brand) වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙන අතර  අනුරාධපුරය, යාපහුව, යාපනය වැනි  නගර ප්‍රවර්ධනය කිරීමටද  සැලසුම් කර තිබේ.

රාජ්‍යතාන්ත්‍රික සේවාව රටේ ආර්ථික අවස්ථා පුළුල් කරගැනීම සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද  ජනාධිපතිවරයා  වැඩිදුරටත් සඳහන් කළේය .

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති සුරාජ් රදම්පොළ මහත්වරු ඇතුළු විද්වත් හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

පිළිකා සහිත දරුවන් වෙනුවෙන් “සුව අරණ”  විවර වෙයි

Published

on

By

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය යෙදී තිබූ පෙබරවාරි මස 15 වැනිදා ජපන් තානාපති අකිඔ ඉසොමතා මහතා  බිම් මට්ටම් මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන වැඩසටහන යටතේ ඉදිකරන ලද පිළිකා සහිත ළමුන් සඳහා වන “සුව අරණ” සහන සත්කාර මධ්‍යස්ථානයේ සුවතා උද්‍යානය භාරදීමේ උත්සවයට සහභාගී විය.

මෙම ව්‍යාපෘතිය මගින් රෝගීන්ගේ සහ පවුල්වල කනස්සල්ල සහ කාංසාවන් සමනය කිරීමට, ඔවුන්ට සතුටින් හා ගෞරවයෙන් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට දායක වී ඇත.

මෙම අවස්ථාව සඳහා සුව අරණ ක්‍රියාත්මක වන ඉන්දිරා පිළිකා භාරයේ සභාපති වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

“අමර් චිත්‍ර කතා”  පොත් එළිදැක්වීම හා  ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ප්‍රදර්ශනය අද කැළණිය රජමහා විහාරයේදී..

Published

on

By

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අමර් චිත්‍ර කතා ජාතක කතා පොත් පහක සිංහල පරිවර්තන නවම් පුන් පොහෝ දිනයේදී පූජනීය කැලණිය රජ මහා විහාරයේදී එළි දක්වන ලදී.

ඉන්දියාවේ විශාලතම චිත්‍ර කතා පොත් ප්‍රකාශන ආයතනය වන අමර් චිත්‍ර කතා ආයතනය විසින් සිංහලට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කරන ලද මෙම ජාතක පොත් ධර්මය හදාරන සිසුන් ආකර්ෂණීය මාධ්‍යයක් හරහා බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වෙත සමීප කරයි.

දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය ගණනක් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූමෙම උත්සවයේදී ජාතක කතා පොත් සඳහා ඉහළ ප්‍රතිචාරයක් හිමි විය.

පොත් එළි දැක්වීමට අමතරව, මහ කොමසාරිස් කාර්යාලය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ප්‍රදර්ශනය ද කැලණි විහාර පරිශ්‍රයේ දී පැවැත්විණ. නව දිල්ලි නුවර ජාතික නූතන කලාගාරය විසින් සම්පාදනය කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා බුදුන් වහන්සේගේ ජීවිතයේ වැදගත් සිදුවීම් සහ බෞද්ධ ඉගැන්වීම් දැක්වෙන සම්භාවනීය සිතුවම් එකතුවක් ඇතුළත් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved