අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරුන් ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් තෛපොංගල් සැමරුමක් ඊයේ කොළඹ, බම්බලපිටිය, කදිරේසන් වජිර පිල්ලෙයාර් කෝවිලේ දී පැවැත්විණි.
සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් නියෝජනය කරන සිංහල, දෙමළ දේශපාලන නායකයන් රැසක් මෙම අවස්තාව සඳහා එක්විය.