2024 වසරේ චීනයේ චයිනා ඒඩ් පුහුණු වැඩසටහන් කිහිපයකට එක්වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් වෙනුවෙන් විශේෂ උත්සවයක් ඊයේ (30) චීන තානාපති කාර්යාලය විසින් පවත්වා තිබුණි.
මෙහිදී අදහස් දැක්වූ චීන තානාපති – චී ජන්හොං මහතා පැවසුවේ වසර කිහිපයක කාලයක් තුළ විවිධ ක්ෂේත්‍ර වල සිටින ලාංකිකයකින් 13,000කට චීනයේ පුහුණු වැඩසටහන් හා සම්මන්ත්‍රණ සඳහා ආරාධනා ලැබී ඇති බවයි.
“නව වසරේදී, චීන රජය විසින් නව ශ්‍රී ලංකා රජයේ සංවර්ධන අවශ්‍යතා සම්පූර්ණයෙන් සලකා බලන අතරම, පුහුණු වැඩසටහන් වල යෝග්‍යතාවය සහ ඵලදායිතාවය වැඩි දියුණු කරමින් චීනයේ සංචාරය කිරීමට සහ අධ්‍යයනය කිරීමට වැඩි පිරිසකට ආරාධනා කර සිටින බව,” තානාපතිවරයා මෙහිදී පැවසීය.
භාණ්ඩාගාර ලේකම් – මහින්ද සිරිවර්ධන මහතා මෙම අවස්ථාවේ ප්‍රධාන අමුත්තා ලෙස එක්වී තිබුණි.
පුහුණු අවස්ථා ලංකාවට ලබාදීමට අමතරව ආර්ථික අභියෝග හමුවේ ලංකාවට සහය දැක්වීම, මෙරට සංවර්ධනයට ඉවහල් වීම හා ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලියට දායක වීම යන කාරණා සම්බන්ධයෙන්ද සිරිවර්ධන මහතා චීනයට සිය ස්තූතිය පුද කළේය.
මෙම උත්සවයේදී වුෂු සංදර්ශන හා විනෝදාස්වාද වැඩසටහන් කිහිපයක් ද පැවැත්වුණි.