ඡායාරූප සටහන විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් “ඇල්ල ඔඩිසි” විශේෂ චාරිකාවක (ඡායා) Published 2 years ago on July 6, 2023 By editor ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් සහ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්තපත්‍ර බාර දුන් නවදිල්ලියේ සිට මෙරට රාජකාරියේ නිරත විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් 09 දෙනකු සඳහා හඳුනාගැනීමේ විශේෂ “ඇල්ල ඔඩිසි” චාරිකාවක් විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගයෙන් සංවිධානය කරනු ලැබීය. මෙම ඇල්ල ඔඩිසි චාරිකාව ශ්‍රී ලංකාවේ නිදහස මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන්ට 75 වසරක් සැපිරීම සනිටුහන් කරමින් සංවිධානය කෙරුණි. එය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාවේ කල්පවත්නා සබඳතා තවදුරටත් පිළිඹිබු කරයි. මනරම් කඳුකරය නැරඹීම සඳහා සංවිධානය කෙරුණ මෙම චාරිකාව 2023 ජූලි 01 සිට 03 දක්වා සිදු කෙරිණි. මෙරට යටත් විජිත අතීතය සිහිපත් කරන විශේෂිත දුම්රියක් වන වයිස්රෝයි ස්පෙෂල් (Viceroy Special) දුම්රියෙන් දූත පිරිස මෙම චාරිකාවේ නිරත වූහ. රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ඇල්ල මාර්ගය ඔස්සේ ශීත කඳුකරයට මහනුවර සිට නුවරඑළිය දක්වා ගමන් ගන්නා අතරතුර, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, ආගන්තුක සත්කාරය විඳිමින් ශාන්ත ක්ලෙයාර් ඇල්ල, ජෛව විවිධත්වයෙන් යුත් නකල්ස් කඳුවැටිය සහ ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය පිහිටි පට්ටිපොල ද රට අභ්‍යන්තරයේ සශ්‍රීක හා මීදුම සහිත කඳුකර භූ දර්ශනවල සැඟවී ඇති වික්‍රමයන් ද අත් විදිමින් ගමන් කළහ. අතීත යුගයේ භාවිතා කළ දුම්රිය සංඥා ක්‍රියාවලියක් සහ තවමත් මෙරට දුම්රිය මාර්ගවල ඉතා සූක්ෂම ලෙස පිළිපදින සංඥා ටැබ්ලට් පද්ධතිය නැරඹීමටද ඔවුන්ට අවස්ථාව සැළසුණි. තවද මෙම දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් ගන්නා විට දැකිය හැකි 20 වන සියවසේ විශ්මය ජනක ඉදිකිරීමක් වන ඇල්ල ආරුක්කු නවයේ පාලම සහ දෙමෝදර දුම්රිය ගැටය ද මෙම විදේශීය දූත පිරිසට නැරඹීමේ අවස්ථාව උදා විය. යටත් විජිත ඉතිහාසයෙන් හා ශ්‍රේෂ්ඨත්වයෙන් පිරුණු ජාතික උරුමයක් වන නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලයේදී විදේශිකයන් අතර ජනප්‍රිය ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරය භුක්ති විඳීමට ද පේද්රෝ තේ වතුයායෙදී ලෝකප්‍රකට “ සිලෝන් ටී” තේ කෝප්පයක රස බැලීමට ද ඔවුන්ට අවස්ථාව හිමි විය.නුවරඑළිය ජනාධිපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හමුවීමට ද මෙම දූත මණ්ඩල ප්‍රධානීන්ට අවස්ථාව හිමි විය. මෙම විශේෂ චාරිකාවට අනුග්‍රහය දක්වන ලද්දේ ඊට සහභාගි වූ විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසිනි. කඳුකරයේ විශේෂ චාරිකාව හරහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ 75 වසරක ඵලදායි සබඳතාවය සිහිපත් කරන අතර ශ්‍රී ලංකාවේ ඇති විවිධ ස්ථානීය වටිනාකම් සහ සංචාරක ආකර්ෂයන් ප්‍රවර්ධනය කිරීමට ද එය ඉවහල් විය. එසේම රට නැවත ස්ථාවරත්වයට පත්ව ඇති බවටත් මෙරට විශිෂ්ඨ සබඳතා සහ ශ්‍රී ලාංකිකයන්ගේ විවෘත, මිත්රශීලීත්වය ලොවට අවධාරණය කිරීමටත් මෙමඟින් අවස්ථාව හිමි විය. (ජනාධිපති මාධ්‍ය අංශය) Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ