කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අමර් චිත්‍ර කතා ජාතක කතා පොත් පහක සිංහල පරිවර්තන නවම් පුන් පොහෝ දිනයේදී පූජනීය කැලණිය රජ මහා විහාරයේදී එළි දක්වන ලදී.
ඉන්දියාවේ විශාලතම චිත්‍ර කතා පොත් ප්‍රකාශන ආයතනය වන අමර් චිත්‍ර කතා ආයතනය විසින් සිංහලට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කරන ලද මෙම ජාතක පොත් ධර්මය හදාරන සිසුන් ආකර්ෂණීය මාධ්‍යයක් හරහා බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වෙත සමීප කරයි.
දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය ගණනක් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූමෙම උත්සවයේදී ජාතක කතා පොත් සඳහා ඉහළ ප්‍රතිචාරයක් හිමි විය.
පොත් එළි දැක්වීමට අමතරව, මහ කොමසාරිස් කාර්යාලය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ප්‍රදර්ශනය ද කැලණි විහාර පරිශ්‍රයේ දී පැවැත්විණ. නව දිල්ලි නුවර ජාතික නූතන කලාගාරය විසින් සම්පාදනය කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා බුදුන් වහන්සේගේ ජීවිතයේ වැදගත් සිදුවීම් සහ බෞද්ධ ඉගැන්වීම් දැක්වෙන සම්භාවනීය සිතුවම් එකතුවක් ඇතුළත් වේ.