ඡායාරූප සටහන ඉන්දීය ‘INS Sukanya’ නෞකාව කොළඹට එයි (ඡායා) Published 2 years ago on February 27, 2023 By editor ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 27) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘INS Sukanya’ නෞකාව, දිගින් මීටර් 101 ක් හා නැව් මුළුව 106 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී Commander Pranav Anand සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද දින (2023 පෙබරවාරි 27) උදෑසන බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරිණි. තවද, ‘INS Sukanya’ නෞකාව නැරඹීම සඳහා ගාල්ල/ දියකිතුල්කන්ද ප්‍රාථමික විද්‍යාලයේ පාසැල් ළමුන් පිරිසක් පැමිණීමට හා ඔවුන් වෙත ඉන්දියානු නාවික හමුදාව වෙතින් ලබා දුන් පාසැල් උපකරණ ප්‍රදානය කිරීමක්ද සිදුකිරීමට නියමිතව ඇත. එමෙන්ම, ‘INS Sukanya’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, මෙරට වැදගත් ස්ථාන නැරඹීම සඳහා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත. මෙම නිල සංචාරය නිමාකරමින් 2023 මාර්තු මස 01 වන දින ‘INS Sukanya’ නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත. (මූලාශ්‍රය හා ඡායා : navy.lk) Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්4 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!