Connect with us

ඡායාරූප සටහන

ඉන්දීය ‘INS Sukanya’ නෞකාව කොළඹට එයි (ඡායා)

Published

on

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 27) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘INS Sukanya’ නෞකාව, දිගින් මීටර් 101 ක් හා නැව් මුළුව 106 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී Commander Pranav Anand සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද දින (2023 පෙබරවාරි 27) උදෑසන බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරිණි.

තවද, ‘INS Sukanya’ නෞකාව නැරඹීම සඳහා ගාල්ල/ දියකිතුල්කන්ද ප්‍රාථමික විද්‍යාලයේ පාසැල් ළමුන් පිරිසක් පැමිණීමට හා ඔවුන් වෙත ඉන්දියානු නාවික හමුදාව වෙතින් ලබා දුන් පාසැල් උපකරණ ප්‍රදානය කිරීමක්ද සිදුකිරීමට නියමිතව ඇත.

එමෙන්ම, ‘INS Sukanya’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, මෙරට වැදගත් ස්ථාන නැරඹීම සඳහා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

මෙම නිල සංචාරය නිමාකරමින් 2023 මාර්තු මස 01 වන දින ‘INS Sukanya’ නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.

(මූලාශ්‍රය හා ඡායා : navy.lk)

ඡායාරූප සටහන

“කෘත්‍රීම බුද්ධිය සමඟ කෘෂි කර්මාන්තයේ නව පරිවර්තනයකට සූදානම්”

Published

on

By

කෘත්‍රීම බුද්ධිය (ඇඓ) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා විසින් කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති හරිතාගාරය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද (17) සහභාගී වෙමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අදහස් දක්වන ලදී.

මෙම කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය .

Continue Reading

Videos

චීන සංස්කෘතික ප්‍රදර්ශනයක් කොළඹදී  (ඡායා/වීඩියෝ)

Published

on

By

චීන සංස්කෘතිය පිළිබඳ ප්‍රදර්ශනයක් ඊයේ (මැයි 09) කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රදර්ශන ශාලාවේදී ආරම්භ විය.

ඡායාරූප, කලා භාණ්ඩ, අත්කම් හා චීන අක්ෂර කලාව පිළිබඳ මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකා – චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය (ASLCSCC) විසිනි. මෙම ප්‍රදර්ශනය අද දිනයේදී ද පැවැත්වේ.

මෙය, ඔක්තෝබර් 01 වැනිදා පැවැත්වීමට නියමිත මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා මෙරට පැවැත්වීමට නියමිත වැඩසටහන් මාලාවක සමාරම්භයයි. 

‘ශ්‍රී ලංකා මිරර්’ වෙත අදහස් දක්වමින් ASLCSCC සභාපති – ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා පැවසුවේ මෙම සංවත්සරය සැමරීමට වැඩසටහන් 75ක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවයි.

චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ නිලධාරීන්, ASLCSCC සාමාජිකයින් සහ පාසල් සිසු සිසුවියන් ඇතුළු අමුත්තන් පිරිසක් මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්විය.

(ඡායා : ශානිකා ජයසේකර)

Continue Reading

ඡායාරූප සටහන

ඉන්දියාවෙන් කෘත්‍රිම අත්පා කඳවුරක් (ඡායා)

Published

on

By

ශ්‍රී ලාංකික ප්‍රතිලාභින් 1000 දෙනෙකුට කෘත්‍රිම අත් පා ලබා දීම සඳහා වන කඳවුරක් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ (07) ගම්පහ රණවිරු සේවා අධිකාර පරිශ්‍රයේදී සමාරම්භ කරන ලදී. 

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම කඳවුර කොළඹ සහ වවුනියාවේ දී දෙමසකට ආසන්න කාලයක් පුරා පැවැත්වෙනු ඇති අතර එමගින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිවිල් වැසියන්ට සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ට සෙත සැලසෙනු ඇත. සිවිල් ප්‍රතිලාභීන් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සහය ඇතිව තෝරා ගන්නා ලදී.

මෙම කඳවුර සඳහා ඉන්දීය රජය සහයෝගය ලබා දෙන අතර එය පවත්වනු ලබන්නේ කායික වශයෙන් අබාධ සහිත අයගේ කායික සහ සමාජ ආර්ථික පුනරුත්ථාපනය උදෙසා කටයුතු කරන ඉන්දීය රාජ්‍ය නොවන සංවිධානයක් වන භග්වාන් මහාවීර් විකලාංග් සහායත සමිතිය (BMVSS) විසිනි. ජයිපූර් නගරය පදනම් කරගත් මෙම රාජ්‍ය නොවන සංවිධානය 1975 දී ආරම්භ කරන ලද අතර එය කෘත්‍රිම අත් පා සහ වෙනත් අවශ්‍ය සහය සම්බන්ධයෙන් ආබාධිත අය සඳහා පවතින ලොව විශාලතම සංවිධානය වේ.

BMVSS සංවිධානය මෙයට පෙර ද එනම් 2010 මාර්තු – අප්‍රේල් වවුනියාවේ දී; 2011 සැප්තැම්බර් යාපනයේදී සහ 2022 පෙබරවාරි කොළඹ සහ යාපනයේදී මෙවන් කඳවුරු පවත්වන ලදී. මෙම කඳවුරුවලින් 3100කට අධික පිරිසකට ප්‍රතිලාභ හිමි වූ අතර 2200කට අධික පිරිසකට ‘ජයිපූර් පාද’ හිමි විය.

සමාරම්භක අවස්ථාව අමතමින් මහ කොමසාරිස් ජා මහතා ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ ගැඹුරු සහ අචල කැපවීම අවධාරණය කළේය. කෘත්‍රිම අත් පා කඳවුර ජනතා ජීවිතවලට දැනෙන සුබවාදී බලපෑමක් සිදු කරීමට ඉන්දියා  – ශ්‍රී ලංකා හවුල්කාරීත්වය ගන්නා අප්‍රතිහත උත්සහය පිළිඹිබු කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved