Connect with us

ඡායාරූප සටහන

චීන සමූහාණ්ඩුවේ 74 වැනි සංවත්සර උත්සවයට හිටපු ජනපතිවරු 4ක් (ඡායා)

Published

on

ශ්‍රී ලංකාවේ ජාතික තත්ත්වයන්ට ගැලපෙන අන්දමේ සංවර්ධන මාවතක් කරා යාමට මෙන්ම ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික අභිමානය සුරක්ෂිත කරමින් “දිළිඳුබවේ උගුලෙන්” සහ “සංවර්ධනය නොවීමේ උගුලෙන්” මිදීමට චීනය අඛණ්ඩය සහය දෙන බව මෙරට සිටින චීන තානාපති – චී ජන්හොං මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරය නිමිත්තෙන් ඊයේ (28) දින කොළඹ පැවැති උත්සවයට එක්වෙමිනි.

ෂීගේ එක් තීරයක් එක් මාවතක් සංකල්පයට මේ වසරට අවුරුදු 10යි

වැඩිදුරටත් අදහස් දක්වමින් තානාපතිවරයා පැවසුවේ චීන ජනපති ෂී ජින්පිං මහතාගේ සංකල්පයකට අනුව ඇරඹුනු එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට මේ වසරේ දී දස වසරක් සැපිරෙන බවයි. එම දසවසර තුළදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 150ක් හා ජාත්‍යන්තර සංවිධාන 32ක් හා එක්ව ව්‍යාපෘති 3,100ක් පමණ ඔස්සේ ලොවට ප්‍රතිලාභ රැසක් අත්කර දීමට සමත් වූ බවද චී මහතා වැඩිදුරටත් පැවසීය.

චීනයේ සංවර්ධනය නම් සීඝ්‍රගාමී දුම්රියට එක්වන ලෙස ශ්‍රී ලංකාව ඇතුළු සියලුම රටවල් වලට ආරාධනා කරන බවද තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

හිටපු ජනපතිවරුන් 4ක් ; ඇමෙරිකානු තානාපතිනියත් එයි!

කොවිඩ් වසංගතයෙන් පසුව පළමුවරට කොළඹදී සමරනු ලැබූ මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනෙකුද සහභාගී සිටීම විශේෂත්වයක් විය. හිටපු ජනාධිපතිවරුන් වන වන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, මහින්ද රාජපක්ෂ මහතා, මෛත්‍රීපාල සිරිසේන මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට එක්විය.

විවිධ රටවල රාජ්‍යතාන්ත්‍රිකයන් රැසක්ද මෙම උත්සවයට එක්වූ අතර, මෙරට සිටින ඇමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මියද මීට එක්ව සිටීම සුවිශේෂී විය.

ඊට අමතරව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද, ප්‍රධාන අමුත්තා ලෙස වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය – නිමල් සිරිපාල මහතා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලඥයන් රැසක් ද, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්, විවිධ රාජ්‍ය ආයතන වල හා චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්ද මෙම උත්සවයට සහභාගී විය.

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” සඳහා රාජ්‍යතාන්ත්‍රිකයෝ දුම්රියෙන් මහනුවරට (ඡායා)

Published

on

By

වසර 16කට පසුව අද (18) ඇරඹුනු “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ රටවල් රැසක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් එක්විය.

වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් එක් වන මෙම කණ්ඩායම අද පෙ.ව 7.00ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ විශේෂ නැරඹුම් මැදිරියකින් මහනුවර බලා ගමන් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව නැවත ආර්ථික වශයෙන් නැගී සිටිමින් පවතින බවත්, මෙතෙක් රට වෙළාගෙන තිබු සියලු බාධාවන් ඉවත් වී රට තුළ සහජිවනය ගොඩනැගී ඇති බවටත් වන පණිවිඩය මිත්‍ර රටවල් වෙත ලබාදීම සහ එකී ගමනට එම සියලුදෙනාගේ සහාය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම අවස්ථාව සංවිධානය කෙරිණි.

මහනුවරට ළඟා වූ පිරිස පළමුව මහවැලි රීච් හෝටලය වෙත පැමිණී අතර එහිදී ඔවුන් වෙනුවෙන් දේශීය චරිත්‍රානුකූලව විශේෂ සිංහල – දෙමළ අලුත් අවුරුදු සංග්‍රහයක් සූදානම් කර තිබිණි.

එහිදී මෙම කණ්ඩායම සමඟ තවත් රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් එක්වූ අතර, 44 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වීම සඳහා දළදා මාළිගාවට පැමිණ තිබුණි.  මෙම කණ්ඩායමට දුම්රියෙන් යළිත් කොළඹට පැමිණීමටද කටයුතු යොදා තිබුණි.

අද දිනයේදී ප.ව 3.00 සිට ප.ව 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණු අතර, හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදා වේ. 

(ඡායා : ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

Published

on

By

මෙරට සාමාන්‍ය ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් වසර 16කට පසු  පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (18) ආරම්භ විය.

එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් දළදා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් දළදා සමිදුන් වැඳ පුදා ගැනීමත් සමඟම සැදැහැවත් ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් “සිරි දළදා වන්දනාව” ආරම්භ කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතය.

ආරම්භක දිනය වන අද (18) දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අතිවිශාල ජනතාවක් දළදා මාළිගාව වෙත පැමිණ සිටියහ. අද දින ප.ව 5.00 දක්වා  ජනතාවට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙන අතර හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදාවනු ඇත.

බුද්ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරුද,  වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් තානාපතිවරු, මහා කොමසාරිස්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ සාමාජිකයන් හා දෙස් විදෙස් සැදැහැවත් ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජාතික සත්වෝද්‍යානයේ පැවති  හිස තෙල් ගෑම චාරිත්‍රය (ඡායා)

Published

on

By

අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිස තෙල් ගෑම චාරිත්‍රය දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද අද (16) සිදුකෙරුණි.

ඒ අනුව නැකතට හිස තෙල් ගෑමේ චාරිත්‍රය සත්වෝද්‍යානයේ වාසය කරන කඩොල් ඇතාගෙන් ආරම්භ  විය.

දැනට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වයස්ගතම සත්වයා වන වයස අවුරුදු 153ක් වන යෝධ ඉබ්බාගේ හිස තෙල් ගෑමද සිදුවිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු දුඹුරු වලසාගේ හිස තෙල් ගෑම ද නැතකට සිදු කෙරුණි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු ඇතුළු සත්වෝද්‍යානයේ පාලන අධිකාරිය මෙය සංවිධානය කර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved