Connect with us

ඡායාරූප සටහන

වරාය නගරයේ චීන සංස්කෘතික රාත්‍රිය (ඡායා)

Published

on

මෙවර චීන අලුත් අවුරුද්දයි අදට (29) යෙදී තිබේ.

චීනයේ චන්ද්‍ර දිනදර්ශනයට අනුව, 2025, නයාගේ වසර ලෙස සැලකේ.

චීන අලුත් අවුරුද්ද හා වසන්ත උත්සවය සැමරීමට මෙරට ද පසුගිය සතිය පුරාවට සංස්කෘතික වැඩසටහන් කිහිපයක් පැවැත්වුණු අතර මේ සඳහා Henan Art Troupe සහ Sichuan Chef Team හි 34 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද පැමිණ තිබුණි.

මේ වැඩසටහන් සංවිධානය කර තිබුණේ හර්නෑන් පළාතේ ජ’ංජෝ (Zhengzhou) නගරයේ සංස්කෘතිය පිළිබඳ නගර කාර්යාංශය, සිචුවාන් සංචාරක සරසවිය, මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානය, පොර්ට් සිටි කලම්බෝ පුද්ගලක සමාගම හා සිනමන් හොටේල් ඇන්ඩ් රිසෝට් පුද්ගලික සමාගම විසිනි.

පසුගිය 23 දින දක්වා “වරාය නගර චීන සංස්කෘතික රාත්‍රිය” ලෙස නම් කෙරුණු සංස්කෘතික උත්සවයක් කොළඹ වරාය නගරයේ පැවැත්වුණු අතර, එහි වර්ණවත් අවස්ථා කිහිපයකි මේ :

(ඡායා : ශානිකා ජයසේකර)

ඡායාරූප සටහන

MSC MARIELLA කොළඹ වරායට

Published

on

By

ලොව අති විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකාවක් ලෙස ප්‍රකට MSC MARIELLA නෞකාව 2025.04.28 වන දින කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) වෙත පැමිණි බව ප්‍රවාහන, මහමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

බටහිර අප්‍රිකාවේ ලයිබීරියාවට අයත් MSC MARIELLA නෞකාව මීටර් 399.90 ක දිගින් යුතු වන අතර, පළල මීටර් 61.30 කි. ටොන් 240,737 ක බරැති බහාලුම් ප්‍රමාණයක් දරාගත හැකි මෙම සුවිශාල නෞකාව 2023 වසරේදී නිෂ්පාදනය කරන ලද්දකි.

මෙම නෞකාවෙන් නැගෙනහිර බහාලුම් පර්යන්තයට බහාලුම් 1,600 ක ප්‍රමාණයක් පැටවීම සහ බෑම සිදුකරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂ ගණක හේමචන්ද්‍ර මහතා පැවසීය.

MSC MARIELLA නෞකාවේ පැමිණීම ශ්‍රී ලංකාවේ නාවුක ක්‍ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවත්, එය ජාත්‍යන්තර නාවුකr ක්‍ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ නාමය වඩාත් ඉහළින් ඔසවා තැබීමට හේතුවන බවත් ගණක හේමචන්ද්‍ර මහතා වැඩි දුරට සඳහන් කළේ ය.

වත්මන් ආණ්ඩුවේ අභිප්‍රාය වන, කොළඹ වරාය දකුණු ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානය(Maritime hub) බවට පත්කිරීමේ සිහිනය සැබෑ වෙන බවට මේ අතිවිශාල නෞකාවේ පැමිණීම ඉඟියක් බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරන්නේ.

Continue Reading

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාවෙන්” පසු නුවර වැව පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතයක්

Published

on

By

දින දහයක “සිරි දළදා වන්දනාවෙන්” පසු මහ නුවර නගරයේ වැව පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතයක් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ නාවික හමුදාව එක්ව ක්‍රියාත්මක කරන ලදී.

නුවර වැවට බැහැර කර තිබූ ප්ලාස්ටික් බෝතල් සහ ප්ලාස්ටික් ඇසුරුම් ඇතුළු කැළිකසළ  ඉවත් කර නුවර වැව යළි යථා තත්ත්වයට පත් කිරීම මෙහිදී සිදු කෙරිණි.

නාවික හමුදාවේ කමාන්ඩර් වීරසේකර  සහ  කැප්‍ටන් චරිත ගුණවන්ත යන නිලධාරීන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සහ ක්ලින් ශ්‍රී ලංකා,  වාරිමාර්ග හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ව සිදු කරන ලද මෙම ක්‍රියාන්විතය සඳහා ස්වේච්ඡා කණ්ඩායම් සහ මහජනතාවගේ සහායද නොඅඩුව හිමි වීම විශේෂත්වයකි.

නුවර වැව මහනුවරට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් වූවකි. එසේම වැවෙහි ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය රැඳී තිබීම හේතුවෙන් ජල මූලාශ්‍රවලට මෙන්ම ජලජ ජීවීන්ටද තර්ජනයක් එල්ල වී තිබිණි.

රට තුළ පාරිසරික, සාමාජයීය සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කිරීම තුළින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් ක්‍රියාත්මක  ක්ලීන් ශ්‍රී 
ලංකා වැඩසටහන යටතේ පරිසරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර කැළිකසළවලින් තොර පරිසරයක් පවත්වාගෙන යාමට ජනතාව තුළ ආචාරධාර්මික සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

ඒ අනුව “සිරි දළදා දැක්මට” සමගාමීව ඉකුත් දින දහය පුරා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මහනුවර නගරය ආශ්‍රිතව සක්‍රීයව ක්‍රියාවට නංවා තිබිණි.

Continue Reading

ඡායාරූප සටහන

සිරි දළදා වන්දනාවට සහභාගී වන බැතිමතුන්ගේ පහසුකම් සොයා බැලීමට ජනපති මහනුවරට (UPDATE)

Published

on

By

සිරි දළදා වන්දනාව සහ ඒ ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටලු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) රාත්‍රියේ මහනුවර නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැපයීම, සනීපාරක්ෂාව ඇතුළු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන් සමඟ හදිසි සාකච්ඡාවක් කැඳවනු ලැබීය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී ලාල්කාන්ත, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යනමහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


(පෙර පුවත 2025 අප්‍රේල් 25 පෙ.ව.9.44 )

ජනපති හදිසියේම මහනුවරට යයි

සිරි දළදා වන්දනාවට සහභාගීවීමට පෝලිම්වල රැඳීසිටින ජනතාව හමුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) රාත්‍රියේ හදිසියේ එම ප්‍රදේශයේ සංචාරයක නිරතවුණි.

සිරි දළදා වන්දනාවට එක්වීම වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මේ වනවිටත් දිගු පෝලිම්වල රැඳී සිටී.

එම ජනතාවගේ අවශ්‍යතා විමසා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මෙලෙස ස්ථාන කිහිපයක සංචාරය කර තිබේ.

මේ අතර පෝලීම්වල රැඳී සිටින ජනතාව වෙනුවෙන් ඊයේ රාත්‍රියෙත් දන්සල් ක්‍රියාත්මක කෙරුණි.

සිරි දළදා වන්දනාව අද (25) 8වන දිනටත් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව සිරි දළදා වන්දනාව පෙරවරු 11 සිට ආරම්භ කෙරෙනු ඇත.

බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වනවිටත් මහනුවර ප්‍රදේශයට ලක්ෂ 4ක සැදැහැවතුන් පිරිසක් පැමිණ ඇති බැවින් අද දිනයේත් මහනුවරට නොපැමිණෙන ලෙසය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved