Connect with us

ඡායාරූප සටහන

ශ්‍රී ලංකාව, චීනයේ DSEL සමඟ අභ්‍යවකාශ ගවේෂණයට පිවිසෙයි

Published

on

චීනයේ ඉතා සාර්ථක Chang’e 6 චන්ද්‍ර මෙහෙයුම ඉක්බිතිව, චීන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමේ ප්‍රධාන නිර්මාණකරු හා ප්‍රධාන සැලසුම්කරු වන මහාචාර්ය වූ වේර් යින් (Wu Weiren)ගේ සහ ඔහුගේ දූත පිරිසගේ ශ්‍රී ලංකා සංචාරය මේ වන විට ආසියානු කලාපයේ මෙන්ම අභ්‍යවකාශ විෂයය ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන කාගේත් දැඩි අවධානයට යොමුවී තිබේ.

ශ්‍රී ලංකාවේ භූ පිහිටීමේ සුවිශේෂතා මත අභ්‍යවකාශ ගවේෂණයේ දී බොහෝ විෂයය ප්‍රවීණයන් ප්‍රමාණයක් එහි හැසිරීම හා ඉතිහාසගත කරුණු පිළිබඳව විශ්ලේෂණය කිරීමට පෙළඹී ඇති අතර මෙතෙක් ජාත්‍යන්තරය හා සහ සම්බන්ධ වෙමින් මෙම පරීක්ෂණ ඔස්සේ වඩාත් සක්‍රීය ලෙස ගනුදෙනු කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ ප්‍රස්ථාවක් නොවීය. මෙම දිගු කාලීන අඩුව සපුරාලමින් ජූනි මස 07දා චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ රසායනාගාරය (DSEL) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලාංකේය සමාගමක් ස්ථාපිත කරනු ලැබීය.

‘Supreme Deep Space (Pvt) Ltd.’ නම් වූ මෙම සමගම දේශීය පුද්ගලික ව්‍යවසායකත්වය මත බිහි වන අතර මෙරට තුළ ඇති දැනුමින් පෝෂිත මානව සම්පත නිසි ලෙස හඳුනා ගනිමින් ලෝකයේ නවතම ප්‍රවණතාව වන ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයන් හා ඒ ආශ්‍රිත සෙසු විද්‍යාත්මක හා තාක්ෂණික මෙහෙයුම් ව්‍යාපෘතීන් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම සම්පත් සම්බන්ධ කිරීම එමගින් සිදු වනු ඇත.

මේ වන විට අභ්‍යවකාශ පරීක්ෂණ හා ජනපද නිර්මාණයට ඇති ඉඩකඩ වෙනුවෙන් පරීක්ෂණ කරන මෙම ප්‍රබල ජාතීන් දෙකම ගෝලීය වශයෙන් සිය මෙහෙයුම් සමගින් සම්බන්ධ වීමට ජාත්‍යන්තර සහයෝගිතාකරුවන් සොයමින් සිටින අතර, එහි පාර්ශවකරුවෙක් ලෙසින් චීනය සමඟ ශ්‍රී ලංකාවේ  සුප්‍රීම් ඩීප් ස්පේස් සමාගම චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය (DSEL) සමගින් මෙසේ හවුල්කාරීත්වයකට එළෙඹීම මෙරට විද්‍යාත්මක හා තාක්‍ෂණික දියුණුව කෙරෙහි විශාල සුබවාදී බලපෑමක් ඇති කරන, උපායමාර්ගික පෙළගැස්මක් ලෙසින් හඳුන්වා දිය හැක.

මහාචාර්ය Wu Weiren ගේ සංචාරය මෙම සහයෝගීතාවයේ මූලෝපායික වැදගත්කම අවධාරනය කරයි. Supreme Deep Space ස්ථාපනය කිරීම අභ්‍යවකාශ විද්‍යාව හා තාක්‍ෂණය පිළිබඳ ශ්‍රී ලාංකේය විශේෂඥතාව ඉහළ නැංවීමේ දූරදර්ශී ප්‍රවේශයට සාක්ෂියකි.

නවෝත්පාදන සහ ගවේෂණ සංස්කෘතියක් පෝෂණය කරමින් ශ්‍රී ලංකාවේ නව පරම්පරාවේ විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් දිරිගැන්වීමට මෙය මුල පිරීමකි.

මෙම ඓතිහාසික සම්මුතිය මෙරට තරුණ පරම්පරාවට නැවුම් වෘත්තීය අවස්ථාවන් විවෘත කරමින් නැවුම් රැකියා වෙළෙඳපොලක් නිර්මාණය කරමින් ලෝකයේ අති දියුණු තක්ෂණයන් අතර ප්‍රමුඛතම කේෂ්ත්‍රයක් වූ ගැඹුරු අභ්‍යවකාශ විශ්ලේෂණයට මෙරට දරු දැරියන් සහභාගි කර ගනිමින් මෙම විශ්ලේෂණයන් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර ශ්‍රී ලාංකේය විශේෂඥතාව උපයෝගී කර ගනිමින් ජාතියේ විද්‍යාත්මක හැකියාවන් ගෝලීය වේදිකාවක් මත ප්‍රදර්ශනය කිරීමට මෙම වැඩසටහන හරහා ඉඩකඩ සකසයි.

 

ඡායාරූප සටහන

‘උරුමය’ කඩා කප්පල් කරන අය ගැන මන්ත්‍රීවරුන්ට කියන්න. මන්ත්‍රීවරු මට කියන්න”

Published

on

By

තමන්ගේ උරුමය ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා “උරුමය” වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය අපේක්ෂා කරන බව සඳහන් කළේය.

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් බොහෝ රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරද්දි, එය කඩාප්පල් කිරීමට උත්සාහ කරන සුළුතරයක් පිළිබඳව ද කරුණු වාර්තා වී ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවන් නිලධාරීන් පිළිබඳ තොරතුරු තමන්ගේ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා  සිටි අතර, එම තොරතුරු තමා වෙත ලබා දෙන  ලෙස  මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ  සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක සුදුසුකම්ලාභීන් 20,000ක් අතුරින් පුද්ගලයන් 1,654ක් වෙනුවෙන් සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය වෙනුවෙන් අද (25) පෙරවරුවේ අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි. 

මෙහිදී ජනාධිපතිවරයා සංකේත්තාමකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් විය. 

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අද ඔබ සියලුදෙනාටම සින්නකර ඉඩම් අයිතිය හිමි වෙනවා. මෙය ආරක්ෂා කරගෙන ඔබගේ දරුවන්ට ලබාදීම ඔබ සියලුදෙනාගේම වගකීමයි. මෙම වැඩසටහන ආරම්භ කරන විට මෙම ඉඩම් අයිතිය ලබා දෙන්නේ ඇයි කියලා ඇතැම් අය ප්‍රශ්න කළා. අපි ජනතාවට මෙම ඉඩම් අයිතිය ලබාදෙන්නේ සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කරගත් නීතියෙන්මයි. මෙය ඔබේ උරුමයයි. උරුමය සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් අප දිවයින පුරා ලබා  දීමට  සැලසුම් කර තිබෙනවා. එම කටයුතු සඳහා මිණුම් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල වැඩි කිරීමට ද මේ වන විට පියවරගෙන තිබෙනවා. 

මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරනවා. බොහෝ පිරිසක් මීට සහාය ලබා දෙනවා. නමුත් ජනතාව බියට පත්කරන නිලධාරින් පිරිසක් පිළිබඳවත් තොරතුරු ලැබී තිබෙනවා. මේ ඉඩම් ආපසු රජයට පවර ගන්න පුළුවන්, ඒ නිසා සින්නකර ඔප්පුවක් ගන්නේ ඇයි කියා ඔවුන් ප්‍රශ්න කරන බව දැන ගන්නට ලැබී තිබෙනවා. නමුත් නැවත වරක් ඔබෙන් යම් නිලධාරියෙක් එවන් ප්‍රශ්න කිරීමක් සිදු කළහොත් එම නිලධාරින් පිළිබඳ තොරතුරු තමන්ගේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට දැනුම් දෙන්න කියා මම ඉල්ලනවා. එම නිලධරින් පිළිබඳ සොයා බලා මට කරුණු වාර්තා කරන්න කියා මම මන්ත්‍රීවරුන්ට ද දැනුම් දෙනවා.

එවන් ප්‍රකාශ සිදු කරමින් කඩාකප්පල්කාරීව හැසිරෙන නිලධාරින් සුළු පිරිස හොඳින් රාජකාරී කරන නිලධාරින්ගේ ගෞරවය ද නැති කරනවා. ඒකට ඉඩ දෙන්න බැහැ. 

ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගොස් මෙම ඉඩම් ලැබීමට සුදුසුකම් ලබන අය පිළිබඳ තොරතුරු සොයා බලා අපට ලබාදෙන ලෙස මම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳ මම ආණ්ඩුකාරවරුන් ද දැනුවත් කර තිබෙනවා. එවිට ඔබ සියලුදෙනාට එක්ව මෙම වැඩපිළිවෙළ කාර්යක්ෂම කරගත හැකියි. ඒ නිසා මේ වැඩපිළිවෙළ වෙනුවෙන් සම්පුර්ණයෙන් කැපවන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. 
මෙම ඉඩම් අයිතිය ලබාදීම පමණක් ප්‍රමාණවත් නැහැ. මෙම ඉඩම් හිමිකම් ලබන ගොවි ජනතාවගේ ආදායම් මාර්ග ද ඉහළ නැංවිය යුතුයි. එමගින් රටේ කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවිය හැකියි. ඒ සඳහා අප කෘෂි නවීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. එම වැඩසටහන හරහා සියලු බෝග වගාවන් වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම සිදු කෙරෙනවා. ඒ සමඟ ඊළග වසර 05 තුළ තම නිෂ්පාදන ඉහළ නංවා ගැනීමට ගොවි ජනතාවට අවශ්‍ය සහාය හිමි වෙනවා.

ඒ නිසා ඉදිරි මාස 02 තුළ ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් ඔප්පු සියල්ල ලබාදීමට පක්ෂ බේදයකින් තොරව මූලිකත්වය ගෙන කටයුතු කරන ලෙස මම මෙහි සිටින සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.” 

Continue Reading

ඡායාරූප සටහන

ජනපති සියොන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක (ඡායා)

Published

on

By

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ එක් විය.

දේවස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා එම දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමා වන රොෂාන් මහේෂන් පූජකතුමා සමඟ සාකච්ඡාවක නිරත විය.

දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් අවසන් නොවීම පිළිබඳ එහිදී කරුණු විමසා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන මත දේවස්ථානයේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා වෙත උපදෙස් දෙනු ලැබීය.
එම කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී යුද හමුදාපතිවරයා වෙත දැනුම් දුන්නේය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, රාජ්‍ය  අමාත්‍ය  එස්. වියාලේන්ද්‍රන් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

කුසල් ගේ ‘සීමා මායිම් නැති මානවවාදියා’ එළිදකී! (ඡායා)

Published

on

By

නිදහස් වෙළෙඳකලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් – ඇන්ටන් මාකස් මහතාගේ පනස් වසරක වෘත්තිය සමිති දිවිය විවරණය කරමින් ‘සීමා මායිම් නැති මානවවාදියා’ නමින් කෘතිය හා එහි ඉංග්‍රීසි අනුවාදය වන ‘Humanist Without Borders’ පසුගිය 17දා එක්දැක්වුණි.

දේශපාලන විචාරක හා විශ්ලේෂක කුසල් පෙරේරා මහතා විසින් රචිත මෙම කෘති ද්විත්වය එළිදැක්වීමේ උත්සවය කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණි.

මෙම අවස්ථාවට ඇන්ටන් මාකස් මහතා ප්‍රමුඛ වෘත්තිය සමිති ක්‍රියාධරයන්, දේශපාලඥයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක් විය.

ගෞරවලාභී මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා හා නවසීලන්තයේ ‘ෆස්ට් යුනියන්’ හි හිටපු සභාපති හා ප්‍රධාන ලේකම් වන රොබට් රීඩ් මහතා විසින් මෙහිදී ආරාධිත දේශන පැවැත්වීය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved