Connect with us

ඡායාරූප සටහන

75 වැනි ඉන්දීය ජනරජ දිනය කොළඹදී සමරයි (ඡායා)

Published

on

75 වැනි ඉන්දීය ජනරජ දිනය අද (26) මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් ‘ඉන්ඩියා හවුස්’ හිදී සමරනු ලැබීය.

ඉන්දීය සාම සාධක හමුදාවේ මියගිය සෙබළුන්ට උපහාර දැක්වීමෙන් අනතුරුව මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් – සන්තෝෂ් ජා මහතා විසින් ඉන්දීය ධජය ඔසවනු ලැබීය.

මෙම අවස්ථාවට මෙරට සිටින ඉන්දීය ජාතිකයන් රැසක් එක්විය.

නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් වැයූ දේශාභිමාන ගී තනු හා ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ සංස්කෘතික අංග වලින් උත්සවය තවත් වර්ණවත් විය.

කොළඹ පැවති සැමරුම් වල ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

මේ අතර, ‘වික්සිත් භාරත්’ යන තේමාව යටතේ භාරතයේ 75 වැනි ජනරජ දින සැමරුම නවදිල්ලි අගනුවරදී අද පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් මහතා සහභාගී විය.

නවදිල්ලි නුවර රාජ්පාත්හි පැවැත්වෙන මෙවර ජනරජ දින පෙළපාලිය, හමුදා උත්තමාචාර, සංස්කෘතිකාංග ඇතුළු විචිත්‍රාංග රැසකින් සමන්විත විය.

1947දී ඉන්දියාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූවද, ස්වකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර එය ක්‍රියාත්මක කරනු ලැබුවේ 1950 වසරේ ජනවාරි 26දා සිටය.

එදින සිට ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටීම සමරමින් ඉන්දියාව වාර්ෂිකව සිය ජනරජ දිනය සමරනු ලබයි.

(ඡායාරූප : කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ X ගිණුමෙනි)

ඡායාරූප සටහන

ඉන්දියාවේ ලඩාක් අගනුවර ඉදිවූ ධර්මපාල පිළිරුව

Published

on

By

බහුතරයක් බෞද්ධයන් වෙසෙන ඉන්දියාවේ එකම ප්‍රාන්තය වන ලඩාක් (Ladakh) ප්‍රාන්තයේ  ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ප්‍රතිමාවක් ස්ථාපනය කෙරේ.

ලඩාක් අගනුවර වන ලේහ් (Leh) හි ශ්‍රීමත් අනගාරික ධර්මපාල ප්‍රතිමාව ස්ථාපිත කිරීමේ උත්සවය පසුගියදා (සැප්.30) ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ සහ ලඩාක් ජාත්‍යන්තර මහාබෝධි මධ්‍යස්ථානයේ නිර්මාතෘ අතිපූජ්‍ය සංඝසේනා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරින.
ලඩාක් හි පිහිටි මහාබෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රයේ  පිහිටුවන ලද බුද්ධ උද්‍යානයේ   ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ ප්‍රතිමාව ස්ථාපිත කරනු ලැබ ඇත.

මෙහි දී බානගල උපතිස්ස නා හිමියන්ට ලඩාක් මහා බෞද්ධ  විහාරයේ සහ ලඩාක් මහබෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ඉහලම ගෞරව උපහාර තිළිණ ප්‍රදානෝත්සවයක් ද එම පරිශ්‍රයේ දී පැවැත්වුණි.

මෙම අවස්ථාවට  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමි, ලඩාක් මහාආරාමයේ විහාරාධිපති අතිපූජ්‍ය රිම්පෝචේ හිමි,ඉන්දීය මහාබෝධි සංගමයේ හිටපු මහ ලේකම් සාරානාත් විහාරාධිපති අතිපූජ්‍ය දොඩම්ගොඩ රේවත හිමි, බැංගලෝර් මහාබෝධි මධ්‍යස්ථානයේ  පූජ්‍ය ආනන්ද හිමි, යන ස්වාමීන් වහන්සේලා ද බෞද්ධ බැතිමතුන් අති විශාල ප්‍රමාණයක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Continue Reading

ඡායාරූප සටහන

ගාන්ධි ජයන්තිය කොළඹ දී සැමරේ

Published

on

By

මහත්මා ගාන්ධිතුමාගේ 155 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා 2024 ඔක්තෝබර් 02 වන දින උදෑසන කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ මහත්මා ගාන්ධිතුමාගේඋඩුකයපිළිරුවටමල්මාලා පළඳා උපහාර පුද කළහ. මෙම උත්සවයෙන් අනතුරුව මහ කොමසාරිස්තුමා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හමු විය.

මෙම උඩුකය පිළිරුව මහත්මා ගාන්ධිතුමාගේ 150වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් 2019 වසරේදී තිළිණ කරන ලද්දකි. මහත්මා ගාන්ධිතුමා භාවනාමය ඉරියව්වකින් දැක්වෙන අඟල් 42ක් උස තඹ පිළිරුව පද්ම භූෂණ් සම්මානලාභී රාම් වංජි සුතර් මහතා විසින් නිර්මාණය කර ඇත. ලොව උසම තඹ පිළිරුව වන ගුජරාටයේ කේවඩියා හි සර්දාර් වල්ලභායි පටෙල්තුමාගේ පිළිරුව නිමවා ඇත්තේ ද සුතර් මහතා විසිනි.

ශ්‍රී ලංකා ඉන්දීය සමාජය (SLIS) විසින් කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික
මධ්‍යස්ථානය හා එක්ව සංවිධානය කරනු ලබන ගාන්ධි දේශනයක් අද පස්වරුවේ පැවැත්වෙනු ඇත.⁣ මෙමදේශනයඉන්දියාවේහිටපුශ්‍රීලංකාමහකොමසාරිස්ඔස්ටින්ප්‍රනාන්දුමහතාවිසින්   සිදුකරනුඇත.

ගාන්ධිජයන්තිය නිමිත්තෙන් SLIS විසින් සිදු කරනු ලබන මෙම වැඩසටහන මහත්මා ගාන්ධිතුමාගේ සර්වකාලීන ඉගැන්වීම් සහ වත්මන්
ලෝකයට ඒවායේ අඛණ්ඩ අදාළත්වය පිළිඹිබු කරන වේදිකාවක් ලෙස මහඟු මෙහෙවරක් ඉටු කර ඇත.

Continue Reading

ඡායාරූප සටහන

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණි ජනපති

Published

on

By

25 වැනි වරට කොළඹ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙයේ පැවැත්වෙන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ” සඳහා අද (28) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූයේය.

දෙස් විදෙස් පොත් ඇතුළත් කුටි කිහිපයක් නිරීක්ෂණය කිරීමට එක්වූ ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිස සමඟ කෙටි පිළිසඳරකද නිරත විය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved