Connect with us

පුවත්

තායි සිංහ පැටවා ගිය කාරය පදවා ඇත්තේ ලාංකිකයෙක්!

Published

on

පසුගියදා තායිලන්තයේ පට්ටයා වීථි වල බෙන්ට්ලි කාරයක නැගී ගමන් කළ සුරතල් සිංහ පැටවෙකු පිළිබඳ සිද්ධියකට ශ්‍රී ලාංකිකයෙකුද සම්බන්ධ බව වාර්තා වේ.

මෙලෙස මෝටර් රථයේ ගමන් කළ සිංහ පැටවාගේ වීඩියෝ අන්තර්ජාලය ඔස්සේ ඉතා ජනප්‍රිය වී තිබුණි.

තායිලන්තයේ නීති අනුව සුරතල් සතෙකු ලෙස සිංහයෙකු ඇතිකිරීම නීතිවිරෝධී නොවන නමුත්, එම සත්ත්වයා නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි කළ යුතු වේ. එලෙස නීත්‍යානුකූලව තබාගෙන සිටින සිංහයන් 224ක් තායිලන්තයේ සිටින බව එරට බලධාරීන් පවසයි.

කෙසේවෙතත්, පරීක්ෂණ වලින් හෙළිදරව් වී ඇත්තේ මෙම සිංහ පැටවාගේ මිලදීගැනීම නීත්‍යානුකූල ලෙස සිදුව නැති බවයි.

ඒ අනුව, අනවසරයෙන් වන සත්ත්වයෙකු ළඟ තබා සිටීම යන චෝදනා යටතේ මෙම සිංහ පැටවාගේ අයිතිකාරිය වන Sawangjit Kosoongnern නම් කාත්නාව මේ වන විට තායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එරට නීතිය අනුව මෙම චෝදනා වලට වසරක සිරදඬුවමක් හා තායි බාට්  100,000ක් දක්වා දඩ මුදලක් නියම විය හැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇයට මෙම සිංහ පැටවා අලෙවි කළ පුද්ගලයාටද අනවසරයෙන් සත්ත්වයෙකු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වනු ඇත.

තවද, මෙම සිංහ පැටවා සිය කුලියට ගත් විලා නිවහනක තබාගෙන සිටි ශ්‍රී ලාංකිකයාට එරෙහිවද චෝදනා ගොනු කිරීමට තායි පොලිසියට අවශ්‍ය වුවද, ඔහු තවදුරටත් තායිලන්තයේ නොමැති බැවින් එසේ සිදුකළ නොහැකි වී ඇත.

පාලිත වන සතෙකු පොදු ස්ථානවලට ගෙන ඒම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වීමට නියමිතව තිබූ අතර, එය මාස හයක් දක්වා වූ සිරදඬුවමක් සහ තායි බාට් 50,000 ක දඩයක් නියම විය හැකි වරදක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ (2024-05-13) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත.

එම තීරණ මෙසේය.

Continue Reading

පුවත්

සුවසැරිය රැක ගන්නා ලෙස විපක්ෂනායකවරයා ඉල්ලා සිටී

Published

on

By

1990 හදිසි ඇමතුම් අංකය ඔස්සේ මෙරට ක්‍රියාත්මක සුවසැරිය ගිලන්රථ සේවාවේ ගිලන් රථ 322න් 56ක් භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (14) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේ, සුවසැරිය වැඩසටහන කඩා වැටෙන්නට නොදී රැක ගන්නා ලෙසය.

“මේ මොහාත වනවිට සුවසැරිය ගිලන්රථ සේවාවේ ගිලන්රථ 322න් 56ක් අවුට් ඔෆ් සර්විස්. ඒ වගේම විශාල ප්‍රමාණයක් ඉමජන්සි මෙඩිකල් ටෙක්නීෂින්ලා ඒ වගේම රියදුරන් රට අතහැර ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඇත්ත වශයෙන් ඒ අය පුහුණු කරන්නට කාලයක් ගත වෙනවා. ඒ කටයුත්ත ක්‍රියාත්මක කරන්නට අද පුද්ගලයින් නැහැ. ඒ වගේම ඉමර්ජන්සි මෙඩිකල් ටෙක්නිෂියන්ලා තෝරා ගෙන ඉන්න අයගේ බොහොම සුළු ප්‍රමාණයක් තමයි කැමත්ත පළ කරලා තියෙන්නේ මේකට බැඳෙන්න. ඒ වගේම මේ ගිලන්රථ රෙපෙයාර් කිරීමේදීත් ඒ අඩුපාඩුකම් සොයා බැලීමේදීත් ඇත්ත වශයෙන්ම ඒවට ප්‍රමාණවත් රාජ්‍ය අවධානය, රාජ්‍ය අනුග්‍රාහය ලැබිලා නැහැ. ඒ නිසා විශේෂයෙන් මේ සුවසැරිය වැඩසටහන කඩා වැටෙන්නට නොදී මෙය නඩත්තු කරන්නට, මේක රැක ගන්න රජයට මැදිහත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.”

Continue Reading

පුවත්

කෙහෙළියගේ පෙත්සම සළකා බැලීමට දින දෙයි

Published

on

By

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 31 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කලේය.

මෙම පෙත්සම අද (14) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවීම සිදුවිය.

අධිකරණයේ නියම කළේ, පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 31 වනදා කැඳවන ලෙසයි.

එදින පෙත්සම මුල සිට යළි සලකා බැලීමටද අධිකරණය නියම කර ඇත.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් රිට් පෙත්සම ඉදිරිපත් කළ කර තිබුණෛ.

එම රිට් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 30 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් නියම කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved