ඡායාරූප සටහන

AKD  වෙබ් අඩවිය විවෘත කෙරේ

Published

on

AKD වෙබ් පිටුව (akd.lk), NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය  දෘෂ්‍යමය අන්තර්ජාල අත්දැකීමක් ඔස්සේ නිල වශයෙන් විවෘත කිරීම අද (27) පෙරවරුවේ සිදුවිය.

මෙම වෙබ් අඩවියේ විශේෂත්වය වන්නේ, ජනාධිපතිවරණයකදී අපේක්ෂකයෙකු තම ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යාම සඳහා AI සහය ලබාගන්නා පළමු අවස්ථාව වීමද ආසියාවේ දේශපාලන නායකයෙකු තම ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා  AI තාක්ෂණය පාවිච්චි කරන පළමු අවස්ථාවද මෙය වීමය. පුරවැසියනට භාෂා ත්‍රිත්වයකින් AKD වෙබ් අඩවිය වෙත ගැටලු ඉදිරිපත් කිරීමට හැකිවීමද විශේෂයකි.

NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පුරවැසියනට බහුවිධ ප්‍රවේශයක් ලබා දෙන අතර මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදු වන අක්‍රමිකතා පිළිබඳ පුරවැසි පැමිණිලි හා  අදහස්වලට විවෘතව පවතී.

Trending

Exit mobile version