ඡායාරූප සටහන චීන නැව හම්බන්තොට වරායට පැමිණෙයි (ඡායා) Published 3 years ago on August 16, 2022 By editor ඉන්දියාව සහ චීනය අතර මතභේදයට තුඩුදුන් යුවාන් වෑන්ග් -5 චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ. ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදුන් අවසරය මතය. එම නෞකාව වරාය වෙත ළඟාවීමට නියමිතව තිබුණේ පසුගිය 11 වැනිදාය. ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හමුවේ චීන නෞකාවේ මෙරට සංචාරය කල් දැමිණි. ආහාර සහ ඉන්ධන ඇතුළු මූලික පහසුකම් සපයාගැනීම සඳහා එම නෞකාව එළඹෙන 22 වනදා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබීමට නියමිතය. මෙම අවස්ථාවට මෙරට සිටින චීන තානාපතිවරයා වන චී ජ’න්හොං, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නිලධාරීන් හා දෙස් විදෙස් මාධ්‍ය සහභාගී විය. මෙහිදී මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ චීන තානාපතිවරයා පැවසුවේ 2014 වසරේදිත් මේ වර්ගයේ චීන නෞකාවක් කොළඹ වරායට පැමිණි බවත්, මෙය ඉතා සාමාන්‍ය සිදුවීමක් බවත්ය. ආරක්ෂක සහ ආර්ථික අවදානමක් මතු කරමින් ඉන්දියාව මෙම නෞකාවේ චාරිකාවට විරුද්ධත්වය පළ කළ බවත් ඒ බව සිය අදහස් විමසූ විට තානාපතිවරයා පවසා තිබුණේ ඒ ප්‍රශ්නය යොමු කළ යුත්තේ ඉන්දීය මිතුරන්ට බවයි. “මේ නෞකාව ප්‍රමාද කිරීමට හේතුව මම දන්නේ නැහැ. මම හිතන්නේ එය ජීවිතයේ නියමය වෙන්න ඇති,” යැයි ඔහු පැවසීය. Related Topics: Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්4 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට ගොසිප්1 week ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්1 week ago ඩොක්ටර් මහේෂි ගැන ඔබ දන්න තොරතුරු කියන්න