Connect with us

ක්‍රීඩා

අංක 7ට ගහන්න බැරි කතා බොරු – ධනංජය

Published

on

නවසීලන්තයට එරෙහිව හෙට (25) පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගයේදී අංක 7 පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කිරීමට තමා ප්‍රතික්ෂේප කළ බවට පළවී ඇති වාර්තා අසත්‍ය බව ධනංජය සිල්වා පවසයි.

ට්විටර් පණිවිඩයක් මගින් මේ බව පවසා ඇති ඔහු, වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමා සෑමවිටම කණ්ඩායම හා එක්ව නැගී සිටින ක්‍රීඩකයෙකු බවයි.

ක්‍රීඩා

IPL අත්හිටුවයි

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය. 

Continue Reading

ක්‍රීඩා

රෝහිත් ශර්මා ටෙස්ට් පිටියට සමුදෙයි

Published

on

By

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

සිය තීන්දුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළ ශර්මා පවසා ඇත්තේ ටෙස්ට් සුදු ඇඳුමින් සැරසී සිය රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බවයි.

කෙසේවෙතත්, තමා තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග වල ක්‍රීඩා කරන බවද ඔහු පවසා ඇත.

2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු T20 ජාත්‍යන්තර තරග බිමෙන්ද විශ්‍රාම ගියේය. 

මේ වනවිට 38වන වියේ පසුවන රෝහිත් ටෙස්ට් තරග 67ක ඉනිම් 116කදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇත. එහිදී ලකුණු 4301ක් රැස්කර ඇති රෝහිත්, ශතක 12ක් හා අර්ධ ශතක 18ක් වාර්තාකර තිබේ.

Continue Reading

ක්‍රීඩා

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

අවසන් වරට ඉකුත් පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව රැදී සිටියේ 5වන ස්ථානයේය.

මෙහි පෙරමුණ ඉන්දියාවට හිමිව ඇත.

ඊට අමතරව දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය  ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved