Connect with us

ක්‍රීඩා

අළුබඳුන තරඟාවලියේ පළමු ජය ඔස්ට්‍රේලියාවට

Published

on

අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 2ක තියුණු ජයක් වාර්තා කරන්නට ඔස්ට්‍රේලියාව ඊයේ සමත් විය.

එංගලන්තයේ බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරඟය අවසන් දිනයේ වර්ෂාව හේතුවෙන් පමා වී ඇරඹෙද්දී ජයග්‍රහණය සදහා ලකුණු 281ක ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ට්‍රේලියානුවන් සිය දෙවැනි ඉනිමට කඩුලු 8ක් දැවී, ලකුණු 282ක් ලබා ගෙන තරඟයෙන් ජය වාර්තා කළේය. අගනා ඉනිමක් ක්‍රීඩා කල උස්මාන් කවාජා ලකුණු 65ක් ලබා ගත්තේය.

මෙය ඔස්‌ට්‍රේලියාවට ඓතිහාසික ජයග්‍රහණයක් වන්නේ 2011 වසරෙන් පසු ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරඟයකදී හඹා ගොස් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වන නිසාය.

මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 393ක් ලබා සිය ඉනිම අත් හිටවූ අතර ඊට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව රැස්කළ ලකුණු සංඛ්‍යාව 386කි. එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 273යි.

තරගයේ වීරයා උස්මාන් කවාජා .

ඒ අනුව ඔස්ට්‍රේලියාව මෙම ජයත් සමගින් තරඟ 5කින් සමන්විත අළුබඳුන ටෙස්ට් තරඟාවලිය 1 – 0ක් ලෙස පෙරමුණ ගෙන සිටී.

ක්‍රීඩා

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

Published

on

By

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.

ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන් වේ.

ඩියෝගෝ, විරූට් කාර්ඩෝසෝ සමග විවාහ වූයේ මේ වසරේ ජුනි 22දා ය. ඔවුන් දෙදෙනා හට දරුවන් තිදෙනෙකු සිටියි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවය.

ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව ලිවර්පූල් කණ්ඩායමට දිනාදීමට බෙහෙවින් දායක වූ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved