ක්‍රීඩා

ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන්ට SLC වෙතින් මුදල් ත්‍යාග

Published

on

පසුගියදා නිමාවට පත්වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණය ලද සියලුම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11කට මෙන්ම මෙම ජයග්‍රහණ වලට දායක වූ පුහුණුකරුවන් දෙදෙනෙකුට මුදල් පරිත්‍යාග කිරීමේ උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් අද (17) සිදුකර තිබේ.

මෙලෙස එම රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් හට ලබාදී ඇති මුළු පරිත්‍යාගයේ වටිනාකම රු. මිලියන 28කි.

මීටර් 800 රන් පදක්කම දිනූ තරුෂි කරුණාරත්නට රු. ලක්ෂ 100ක මුදල් ත්‍යාගයක්ද, රිදී පදක්කම්ලාභී හෙල්ල වීසිකිරීමේ ක්‍රීඩිකා නදීශා දිල්හානි ලේකම්ගේ හට රු. ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමුණි. තරුෂිගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු මහතා හට රු. ලක්ෂ 20 ක මුදල් ත්‍යාගයක් ද, නදීශාගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතාට රු. ලක්ෂ 10ක මුදල් ත්‍යාගයක් ද පරිත්‍යාග කෙරුණි. 

මීට අමතරව, ලෝනඩ පදක්කම්ලාභී සහය දිවීමේ කණ්ඩායම්වල සිටි පසිඳු කොඩිකාර, අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පබසර නිකු, රජිත රාජකරුණා, දිනුක දේශාන්, නදීෂා රාමනායක, සයුරු ලක්ෂිමා හා ජයේෂි උත්තරා වෙත රු. මිලියනය බැගින් ද මෙහිදී පරිත්‍යාග කර තිබුණි.

Trending

Exit mobile version