Connect with us

ක්‍රීඩා

“ආසියානු කුසලානය ජයග්‍රහණය කළ හැකි බවට ලොකු විශ්වාසයක් තියෙනවා”

Published

on

2024 ආසියානු කුසලානය ශ්‍රී ලංකා කාන්තා පිළට ජයග්‍රහණය කළ හැකි බවට ලොකු විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා කාන්තා විස්සයි-20 කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසන්නීය.

චමරි මේ බව සඳහන් කර සිටියේ තරඟාවලිය ආරම්භයට පෙර පැවති මාධ්‍ය හමුව අතරතුරේ අදහස් දක්වමිනි.

“ගොඩක් හොඳ සූදානමක් තියෙනවා. විශේෂයෙන්ම අපි පහුගිය අවුරුදු එකහමාර ගත්තහහ අපි නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කියන කණ්ඩායම් පරාජයට පත් කළා. ලංකාවේ සහ ඔවුන්ගේ රටවලදී. මං හිතන්නේ හොඳ මානසිකත්වයකින් කණ්ඩායම ඉන්නවා. මේ ආකෘතිය ඕනෑම අවස්ථාවක වෙනස් වෙන්න පුලුවන්. දවසේ හොදට කරන කණ්ඩායම අනිවාර්යයෙන්ම ජයග්‍රහනය කරනවා. ඒ වගේම අපේ රටේ සෙල්ලම් කරන්නේ. අපේ උපරිමයම මේ තරගාවලියට දෙන්න බලාපොරොත්තු වෙනවා“ 

ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, විස්සයි-20 අන්තර්ජාතික කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අනුව ආසියානු කලාපයේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාව පමණි. තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර පස් වතාවක් අවසන් මහ තරඟ වරම් දිනාගැනීමට සමත්ව වුවත් එකම වරක් හෝ ශූරතා කුසලානයක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබේ. කෙසේ වෙතත් මෙවර තම දේශීය තත්ත්වයන් යටතේ ක්‍රීඩා කිරීමේදී එම ඉතිහාසයේ වෙනස් කිරීමට තමන් ඇතුළු කණ්ඩායම සතුව විශාල බලාපොරොත්තුවක් තිබෙන බවය.

“මේ පාර ශූරතාව දිනා ගන්න පුලුවන් වෙයි කියලා ලොකු විශ්වාසයකින් ඉන්නවා. එතැනදි හොද මානසිකත්වයකින් යුක්තව තරගයෙන් තරගය ක්‍රීඩා කරන එක වැදගත්. අපි දන්නවා අපි ගොඩක් හොඳට පසුගිය තරඟවලි සෙල්ලම් කරලා තියෙනවා කියලා. හොද කණ්ඩායම් අපි පරාජයට පත් කරලා තියෙනවා. එංගලන්තය එංගලන්තයෙදිත් දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාවේදීත්. හැබැයි ඒ හැම තරගයම කරලා ඉවරයි. ඒක ඉතිහාසයට ගිහිල්ලා ඉවරයි. මේක අලුත් දවසක්. අලුත් තරගයක්. ඒ තරගය අපි හොඳින් ක්‍රීඩා කරන එක තමයි වැදගත්. එහෙම තරගයෙන් තරගය ආවොත් අවසන් මහ තරගයට, අපි දන්නවා මොනවද කරන්න ඕන කියන එක. බලාපොරොත්තුවක් තියෙනවා වෙනසක් කරන්න මේ ආසියානු කුසලාන තරගාවලියෙදී“ 

ක්‍රීඩා

වනිඳුට පළමු තරගය අහිමි වෙයිද?

Published

on

By

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහිව හෙට (10) පැවැත්වෙන පළමු 20යි 20 තරගයට සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.

ඔහුගේ පාදයේ කලවා ප්‍රදේශයේ මාංශ පේශීවල ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම අවිනිශ්චිතතාවය මතුව ඇත.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු 20 -20 තරගය හෙට රාත්‍රී 7ට පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.‍

Continue Reading

ක්‍රීඩා

ජුනි මාසයේ ICC දක්ෂයින් අතරට ගිය පැතුම්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක ජුනි මාසයේ ලොව දක්ෂතම ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබේ.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි.

දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා සහ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්රම්ද ඒ අතරට ඇතුළත්.

මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය පිරිනමයි.

Continue Reading

ක්‍රීඩා

ICC ප්‍රධාන විධායක තනතුරට, සංජෝග් ගුප්තා

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් සංජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර සිටී.

සංජෝග් ගුප්තා දැනට ජියෝස්ටාර් හි ක්‍රීඩා සහ සජීවී අංශ සඳහා ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරනු ලබයි. එසේම ඔහු ගෝලීය මාධ්‍ය, විනෝදාස්වාද සහ ක්‍රීඩා මාධ්‍ය සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයෙකු ලෙස ද සැලකේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසින් ජේ ෂා පසුගිය 2024 දෙසැම්බර් 01 සිට පත්වූ අතර මෙලෙස එහි ප්‍රබල තනතුරු දෙකක්ම ඉන්දියානුවන් අතට පත්ව තිබීම විශේෂත්වයකි.

සංජෝග් ගුප්තා ICC ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ හත්වැනි පුද්ගලයා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved