Connect with us

ක්‍රීඩා

ඇමති රොෂාන්ගේ තවත් කතාවක් අතේ පත්තු වෙයි 

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොමැති බවට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් චෝදනා කළද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා එවැනි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඇති බව පෙන්වාදී තිබේ.

ඒ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදීය.

ඔහු පෙන්වාදෙන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශයක් 2020.01.08 වැනිදා පැවති එහි මහා සභා රැස්වීමේදී අනුමත කර තිබේ.

එසේම, මේ සම්බන්ධයෙන් 2020.02.25 වන දින එවකට ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ඒ. රුවන්චන්ද්‍ර මහතාගේ MS/02/CC/SLC/PM දරණ ලිපිය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශය ලිඛිතව අනුමත කර ඇති බවද පැවසේ.

2016 ඔක්තෝබර් 27 වන දිනැති රජයේ ගැසට් පත්‍ර අංක 1990/23 හි අනු අංශ (xxi) ප්‍රකාරව හා 202.03.10 වන දින රජයේ ගැසට් පත්‍ර 2166/9 ප්‍රකාරව කාරණා දෙකකට යටත්ව මෙම අනුමැතිය ලබාදී ඇත.

එමෙන්ම එම ලිපිය රජයේ විගණක, ජාතික විගණකාධිපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රීඩා සංවර්ධන සභාව වෙත ද පිටපත් සහිතව යොමු කර ඇති බවද වාර්තා වේ.

මේ අතර, රජයේ විගණකාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිණුම් මෙන්ම ඊට අදාලව සිදුකර ඇති විශේෂ විමර්ශන සඳහා ද ඉහත සඳහන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශයට අදාලව කරුණු සොයා බලා තම වාර්තාව ඉදිරිපත් කර ඇති බවද පැවසේ.

ඒ අනුව, විගණකාධිපතිවරායගේ වාර්තාවේ විගණනය සම්බන්ධයෙන් නිර්දේශ 26 ක් පමණ ඉදිරිපත් කර ඇති අතර, එහි කිසිම තැනක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොමැති බව සඳහන් කර නොතිබීම ද විශ‌ේෂිතය.

එමෙන්ම, මෙම නිර්දේශ 16 තුළ ප්‍රසම්පාදනය තවදුරටත් වැඩි දියුණු කළ යුතු ආකරය සම්බන්ධයෙන් අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇති ආකාරයත් පෙන්වා දී තිබේ. 

ක්‍රීඩා

එන්න එපා ටිකට් නැහැ 

Published

on

By

අද ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ආරම්භක තරගය පස්වරුවේදී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මේ වන විට එම තරගයට අදාළ ප්‍රවේශපත්‍ර සියල්ල විකිණී අවසන්ව තිබෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රිකට් ලෝලීනට කාරුණිකව දන්වා සිටින්නේ මේ වන විට තරගයේ සියළුම ටිකට් පත් විකිණි අවසන් නිසා ප්‍රවේශපත්‍ර කවුළුවලට යාමෙන් වළකින ලෙසයි.

Bangladesh Tour of Sri Lanka 2025 🏏 🎫 Tickets Sold Out for the First T20I Sri Lanka Cricket wishes to inform the…

Posted by Sri Lanka Cricket on Wednesday, July 9, 2025

සබැඳි පුවත්

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි විස්ස තරගය අද

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද(10) රාත්‍රී 07ට මහනුවර පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ආබාධයකට ලක් වූ වනිඳු හසරංගට මෙම තරගාවලිය අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ(09) නිවේදනය කළේ ය.

දෙරට අතර පැවති පන්දුවාර 20 තරගාවලි ඉතිහාසය තුළ කිසිදු අවස්ථාවක බංග්ලාදේශ කණ්ඩායමක් ශ්‍රී ලංකාව හමුවේ මෙතෙක් තරගාවලියක් ජයගෙන  නැත.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Continue Reading

ක්‍රීඩා

වනිඳුට පළමු තරගය අහිමි වෙයිද?

Published

on

By

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහිව හෙට (10) පැවැත්වෙන පළමු 20යි 20 තරගයට සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.

ඔහුගේ පාදයේ කලවා ප්‍රදේශයේ මාංශ පේශීවල ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම අවිනිශ්චිතතාවය මතුව ඇත.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු 20 -20 තරගය හෙට රාත්‍රී 7ට පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.‍

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved