Connect with us

ක්‍රීඩා

ක්‍රීඩා ඇමතිට එරෙහිව SLCයෙන් අපහාස නඩුවක්

Published

on

අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව පවසා ඇත.

එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන්, ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, උප සභාපතිවරයා සහ භාණ්ඩාගාරිකවරයා කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ රුපියල් බිලියන 2.4ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් ගොනුකළ බවය.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

කෝප් එකත් ක්‍රිකට් ආයතනයට විකිණිලාද ? ක්‍රීඩා ඇමති චෝදනා කරයි

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සභාපතීත්වයෙන් වෙනම පාර්ලිමේන්තු කමිටුවක් පත්කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඔහු පැවසුවේ කෝප් කමිටුව වෙනුවට එම අලුතෙන් පත්කරන කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඉඩ දිය යුතු බවයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ක්‍රිකට් බලධාරීන් කෝප් කමිටුව හමුවට ඊයේ කැඳවූ අවස්ථාවේදී අවශ්‍ය දේ විමසනු වෙනුවට අදාළ නොවන කාරණා සම්බන්ධයෙන් කෝප් සාමාජිකයින් කරුණු විමසූ බවයි.

“මට සැකයි කෝප් එකත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විකිණිලා ද කියලා” ; යන්න එහිදී අමාත්‍යවරයා පැවසීය.

ක්‍රීඩා

සතියකට පසු IPL යළිත්? (Update)

Published

on

By

හදිසියේ අත්හිටුවනු ලැබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය එලෙස අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) පවසයි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින යුද අවදානම හේතුවෙන් මෙම තරගාවලිය අත්හිටුවීමට අද (9) හදිසි තීරණයක් ගෙන තිබුණි.

ඒ අනුව තරගාවලියේ නව කාලසටහන සහ ස්ථාන පිළිබඳ වැඩිදුර යාවත්කාලීන කිරීම් අදාළ බලධාරීන් සහ කණ්ඩායම් හිමිකරුවන් සමග සාකච්ඡා කර තත්ත්වය පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව දැනුම්දෙන බව BCCI වැඩිදුරටත් පවසයි.

මේ අතර මේ දිනවල පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියද මෙම යුද අවදානම හේතුවෙන් අතරමග නතරකර තිබේ.

තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.


(පෙර පුවත 2025 මැයි 09 ප.ව.12:57)

IPL අත්හිටුවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය. 

Continue Reading

ක්‍රීඩා

රෝහිත් ශර්මා ටෙස්ට් පිටියට සමුදෙයි

Published

on

By

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

සිය තීන්දුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළ ශර්මා පවසා ඇත්තේ ටෙස්ට් සුදු ඇඳුමින් සැරසී සිය රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බවයි.

කෙසේවෙතත්, තමා තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග වල ක්‍රීඩා කරන බවද ඔහු පවසා ඇත.

2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු T20 ජාත්‍යන්තර තරග බිමෙන්ද විශ්‍රාම ගියේය. 

මේ වනවිට 38වන වියේ පසුවන රෝහිත් ටෙස්ට් තරග 67ක ඉනිම් 116කදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇත. එහිදී ලකුණු 4301ක් රැස්කර ඇති රෝහිත්, ශතක 12ක් හා අර්ධ ශතක 18ක් වාර්තාකර තිබේ.

Continue Reading

ක්‍රීඩා

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

අවසන් වරට ඉකුත් පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව රැදී සිටියේ 5වන ස්ථානයේය.

මෙහි පෙරමුණ ඉන්දියාවට හිමිව ඇත.

ඊට අමතරව දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය  ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved