Connect with us

ක්‍රීඩා

ඉන්දියාව අවසන් තරඟයට

Published

on

පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි.

ඒ ඊයේ (27) පැවති අවසන් පුර්ව තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරදා ලකුණු 68කින් ජයගැනීමත් සමගය.

තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්තය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුනි.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තේය.

නායක රෝහිත් ශර්මා පන්දු 39කදී ලකුණු 57ක් රැස් කළේය.

ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 103ක් පමණයි.

ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ සියලුම තරග ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයක් වෙයි.

ඒ අනුව 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන අවසාන මහා තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර එළඹෙන සෙනසුරාදා පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩා

LPL ශූරතාව සිව්වැනි වරටත් ජැෆ්නා කිංග්ස්ට!

Published

on

By

5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

ගෝල් මාර්වල්ස් පිල කඩුලු 9කින් පරාජය කරමින් ජැෆ්නා කිංග්ස් පිල එම ශූරතාව දිනාගත්තේය.

තරගයේ කාසියේ වාසිය චරිත් අසලංක දිනාගත් අතර පළමුව පන්දුවට පහරදීමට ඔහු ගෝල් කණ්ඩායම ට ආරාධනා කළේය.

ඒ අනුව ගෝල් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 184ක් රැස්කළේය.

ලකුණු 185ක ඉලක්කයක් හඹා යෑම ඇරඹූ ජැෆ්නා කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවේදීම දැවී ගියේය.

ඒ අනුව පැතුම් නිස්සංකට එකදු ලකුණක් හෝ රැස් කිරීමට නොහැකි විය.

නමුත් අනතුරුව පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් සහ රයිලි රූසෝ ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණය සඳහා ගෙන ගියහ.

ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 185ක් එක්කළ අතර එය එල්පීඑල් වාර්තාවකි.

රූසෝ නොදැවී ලකුණු 106යි. මෙන්ඩිස් නොදැවී ලකුණු 72යි.

ඒ අනූව එල්පීඑල් ශූරතාවය සිව් වැනි වරටත් දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

Continue Reading

ක්‍රීඩා

ආසියානු හා ආබාධිත ආසියානු තරගාවලිවල පදක්කම් ලාභීන්ට මුදල් තෑගි පිරිනමයි

Published

on

By

ආසියානු තරගාවලියේ හා ආබාධිත ආසියානු තරගාවලියේ පදක්කම් ලාභීන්ට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පොරොන්දු ප්‍රකාරව මුදල් පිරිනැමීම පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙහිදී රුපියල් කෝටි 12 කට අධික මුදලක් එම පදක්කම් ලාභීන් හා ඔවුන්ගේ පුහුණුකරුවන් අතර බෙදා දෙන ලදී. 

මෙම ප්‍රදානයන් ක්‍රීඩා, ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අතින් සිදු කෙරිණ. 

පැරිස් ඔලිම්පික් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනාටද රුපියල් දස ලක්ෂය බැගින් මෙහිදී පිරිනැමිණ.

මෙම අවස්ථාවට ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාද සහභාගි විය.

ලබන ලද ජයග්‍රහණ අනුව වැඩිම මුදලක් ලැබුණු ක්‍රීඩිකාව වූයේ තරුෂි කරුණාරත්නයි.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා පිල ආසියානු කුසලාන පළමු ජය ලබයි

Published

on

By

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (20) සමත් විය.

ඒ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමිනි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 111ක් රැස් කළේය.

පන්දුයැවිමේදි උදේෂිකා ප්‍රබෝධනී සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු දෙක බැගින් දවා ගත්තෝය.

ලකුණු  112ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සාර්ථක අරම්භයක් ලබාදිමට නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න සමත්වූවෝය.

චමරි අතපත්තු ලකුණු 12ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජය මාවත විවර කර දුන් විශ්මි ගුණරත්න ලකුණු 51ක් රැස්කළ අතර හර්ෂිතා මාධවී ලකුණු 33ක් රැස් කළාය.

ඒ් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 17යි එක්පන්දුවක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved