ක්‍රීඩා

ඉන්දීය – පාකිස්ථාන තරඟයේ ආරක්ෂාව තර කරයි

Published

on

විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දියා – පාකිස්ථාන තරගය පැවැත්වීමට නියමිත අයිසන්හවර් ක්‍රීඩාංගණය අවට ආරක්ෂාව තර කිරීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.

නිව්යෝක් ආණ්ඩුකාරවරයා මේ තීරණය ගෙන ඇත්තේ, ජුනි 09 වැනි දා පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්ථාන තරගයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජුනි 3 වැනි දා සිට 12 වැනි දා දක්වා මෑන්හැටන් නගරයේ පිහිටා ඇති අයිසන්හවර් ක්‍රීඩාංගණයේ 20යි 20යි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 8ක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ ත්‍රස්ත තර්ජන ජුනි 09 වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්ථාන තරගයට එල්ලවි තිබෙන අතර ප්‍රාන්ත බලධාරීන් විසින් ක්‍රීඩාංගණය අවට ආරක්ෂාව තර කර තිබෙන්නේ සති කිහිපයක සිට බවය.

මෙම තර්ජන සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තහවුරු කිරීම් නොමැති නමුත් ක්‍රීඩකයින්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව තම ප්‍රමුඛ වගකීම බව නිව්යෝක් ආණ්ඩුකාරවරයා අවධාරණය කර සිටී.

Trending

Exit mobile version