ක්‍රීඩා

එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට එක්වූ කසුන්ගේ මංගල තරගය හෙට

Published

on

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත මේ දිනවල පැවැත්වෙන එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ තරග පහක් සඳහා එක්වීමට නියමිතය.

ඒ ඔහු ක්‍රීඩක ආදේශනයක් ලෙස එසෙක්ස් කණ්ඩායම සමග පසුගියදා ගිවිසුම් ගතවීමත් සමඟය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් කසුන් මෙසේ එසෙක්ස් පිලට සම්බන්ධ කර ගැනීමට මැදිහත්ව තිබේ.

සිල්වර්වුඩ් එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ කළමනාකරු වන අතර එම කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක සෑම් කුක් ආබාධයකට ලක්වීමත් සමග කසුන් රාජිත කණ්ඩායමට එක්කරගෙන ඇත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කැඳවීමක් ලද මෙම කණ්ඩායම නියෝජනය කළ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩක ශර්දුල් තාකූර්ගේ අහිමිවීමට ද කසුන් රාජිත ඔවුන් හා එක්වීම විසඳුමක් වනු ඇතැයි එසෙක්ස් කළමනාකාරීත්වය අපේක්ෂා කරන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වනවිට ජාත්‍යන්තර ටෙස්ට් තරග 18ක් ක්‍රීඩා කර ඇති 31 හැවිරිදි කසුන් රාජිත, එහිදී කඩුලු 55ක් බිඳ හෙළීමට සමත්ව ඇත. 

හෙට (18) චෙල්ම්ස්ෆෝර්ඩ්හිදී කසුන් මෙම තරගාවලියේ සිය ප්‍රථම තරගය වෝස්ටෂයර් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.

Trending

Exit mobile version