ක්‍රීඩා

ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා අරමුදලට කෝටි 12ක්

Published

on

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ වූ ප්‍රවේශ පත්‍ර අළෙවියන් ලද රුපියල් මිලියන 120 ක් හෙවත් කෝටි 12 ක මුදලක් ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නොවැම්බර් 03 වැනිදා පියවර ගනු ලැබීය.

ඒ, ඉහත සංචාරයේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන මුදල් ද ජාතික ක්‍රීඩා අරමුදල වෙනුවෙන් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලබා දී තිබුණි පොරොන්දුවක් අනුවයි.

ඉකුත් ජූලි සහ ජුනි මාසයන්හිදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වුණු ඔස්ට්‍රේලියානු කණ්ඩායම විස්සයි-20 තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ ටෙස්ට් තරග 2 කට සහභාගිවිය.

මෙම මුදල් පරිත්‍යාගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලේ මූල්‍ය තත්ත්වය තර කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100 ක මුදලක්ද, බර්මිංහැම්හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා තරගාවලියට සහභාගිවුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 225 ක මුදලක්ද සහ ඉකුත්දා ආසියානු දැල් පන්දු ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැල් පන්දු ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියන 2 බැගින් මුදල් ප්‍රදානය කිරීමට පියවර ගනු ලැබීය.

Trending

Exit mobile version