ක්‍රිකට් අතුරු පාලන කමිටුවට එරෙහි පෙත්සම් විභාගය ලබන 22 දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (20) නියෝග කර තිබේ.
ඒ, එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදියි.
එදින තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.