Connect with us

ක්‍රීඩා

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 51 කට දුන් නිවාස යළිත් පවරා ගැනීමට යයි

Published

on

ද්විපාර්ශ්වික ගිවිසුම් පත්‍රය උල්ලංඝනය කිරීම් දින 14 ක් ඇතුළත නිවැරදි කර නොගන්නේ නම් ජාත්‍යන්තර පදක්කම් හා ජයග්‍රහණ අත්කර ගත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 51 දෙනකුට ත්‍යාග ලෙස සහන පදනමක් මත ශ්‍රී ලංකා රජය ලබාදුන් නිවාස දින 14 ක් ඇතුළත පවරා ගන්නා බවට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ඔවුන්ට දැනුම් දී තිබේ.

මොරටුව අඟුලාන ‘‘සයුරපුර’’ මහල් නිවාස සංකීර්ණයෙන් මෙලෙස ජාත්‍යන්තර ජයග්‍රහණ අත්කර ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 51 දෙනකු සඳහා එක් නිවසක් රුපියල් මිලියන 1.5 ක් වන වටිනාකමක් යටතේ පවරාදී තිබේ.

මෙම නිවාස පැවරීමේ ගිවිසුම් පත්‍රයට අනුව එය ලබා ගන්නා ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් වසර 30ක් තුළදී වාරික ගෙවා අවසන් කළ යුතුය. එය පොළියෙන්ද නිදහස් කර තිබේ.

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට වාර්තා වී තිබෙන පරිදි ත්‍යාග ලෙස මෙලෙස සහන වාරික ගෙවීමේ පදනමින් රජයේ නිවාස ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයක් ද්විපාර්ශවික පැවරුම් ගිවිසුම් පත්‍රය උල්ලංඝය කරමින් වාරික ගෙවීම් දිගින් දිගටම පැහැර හැර තිබේ.

ඒ අතර මෙසේ ත්‍යාග ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදුන් ඇතැම් නිවාස පදිංචියෙන් තොරව වසා දමා තිබීමත් එවැනි ඇතැම් නිවාස තෙවැනි පාර්ශව වෙත පවරා තිබීමත් හෙළිකරගෙන තිබෙන බව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය පවසයි.

එවැනි සිදුවීම් මෙම නිවෙස් පැවරීමේදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයන්ට හා නීතිපති උපදෙස්වලට පටහැණි බැවින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදී තිබෙන නිදහස් ප්‍රදාන පත්‍රය අවලංගු කර නිවෙස් භුක්තිය යළි පවරා ගැනීමට හේතුවන බවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නාගරික නිවස සංවර්ධන අධිකාරිය යොමු කළ අවසන් සිහිකැඳවීම් ලිපියේ දැක්වේ.

මෙසේ ත්‍යාග ලෙස නිවාස ලබාගත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරේ ලෝක ශූරතා, ආසියානු ශූරතා හා පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැරෙන්නට ආසියානු කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමක ක්‍රීඩිකාවන් පිරිසක්ද සිටින බව දැනගන්නට ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයකු ‘‘ලංකාදීප’’යට මෙසේ පැවසීය.

‘‘රටේ තමන්ට කියලා නිවසක් නැතිව දුක් විඳින මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා. එහෙම තියෙද්දී පදිංචි වෙන්න කියලා ගෙවල් අරන් සමහරු මෙහෙම වහලා තියන එක අපරාධයක්. මේ ගෙවල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපි දීලා තියෙන්නෙත් ඉතාම සහන මිලකට. ඉතාම සුළු වාරිකයක් විතරයි මාසයකට ගෙවන්න තිබෙන්නෙ. ඒකත් පැහැර හරිනවා නම් අපට මේ ගෙවල් නැවත පවරා ගැනීම හැරෙන්න වෙන විකල්පයක් ඉතිරි වෙලා නෑ.

(ලංකාදීප)

ක්‍රීඩා

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

Published

on

By

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.

ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන් වේ.

ඩියෝගෝ, විරූට් කාර්ඩෝසෝ සමග විවාහ වූයේ මේ වසරේ ජුනි 22දා ය. ඔවුන් දෙදෙනා හට දරුවන් තිදෙනෙකු සිටියි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවය.

ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව ලිවර්පූල් කණ්ඩායමට දිනාදීමට බෙහෙවින් දායක වූ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved