ක්‍රීඩා

ක්‍රීඩාවේ සහයෝගිතාව සඳහා ඕස්ට්‍රේලියානු රජය සමග අවබෝධතා ගිවිසුමක්

Published

on

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩාවේ සහයෝගිතාව වර්ධනය කිරීම පිණිස වසර තුනක කාලයක් සඳහා අත්සන් තබා තිබූ අවබෝධතා ගිවිසුමේ වලංගු කාලසීමාව 2020 පෙබරවාරි 15 දිනෙන් අවසන් වී ඇත. 

දෙරට අතර කැපී පෙනෙන දක්ෂතාවයන් පෙන්නුම් කළ හැකි ක්‍රීඩා ක්ෂේත්‍රයන් හඳුනාගෙන එම ක්ෂේත්‍රයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා නිලධාරින් අතර තොරතුරු හා වැඩසටහන් හුවමාරු කර ගැනීම සහ අනෝන්‍ය ප්‍රතිලාභ මත පදනම්ව ක්‍රීඩා ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම අරමුණු කරගෙන එකී සහයෝගිතා ගිවිසුම තවදුරටත් වසර තුනක කාලයකට දීර්ඝ කිරීමට හැකි වනු පිණිස නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී තිබේ. 

ඒ අනුව, සකස් කරන ලද අවබෝධතා ගිවිසුමේ කෙටුම්පත සඳහා දෙපාර්ශ්වය විසින් එකඟතාවකට පැමිණ ඇති අතර ඒ සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී ඇත. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Trending

Exit mobile version