ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම්වලට අදාළ ව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත්කර තිබෙන රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අද (27) අතුරු නියෝගයක් නිකුත්කළේය.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම් කිහිපයක් ඉදිරිපත්කළ පෙත්සම් සලකාබැලීමෙන් අනතුරුවයි.
නඩුවේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් වන තෙක්, ක්‍රීඩා අමාත්‍යවරයා පනවා ඇති රෙගුලාසි වළක්වාලමින් මෙම අතුරු තහනම් නියෝගය පනවා ඇත.
පෙත්සම ලබන ජූනි 22දා යළි විමසා බැලීමට නියමිතයි.