ජාතික මට්ටමේ ක්‍රීඩා සංගම් දෙකක හා සම්මේලන තුනක ලියාපදිංචිය තාවකාලිව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා නියම කර තිබේ.
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දෙසැම්බර් 22 දින නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනක් මගින් මේ බව දන්වා තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව 1973, අංක 25 දරන ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 හා 33 වගන්ති යටතේ ක්‍රීඩා අමත්‍යවරයාට පැවරි ඇති බලතල අනුව අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය, ශ්‍රී ලංකා ජාතික රෝද සපත්තු සංගමය, ශ්‍රී ලංකා කබඩි සම්මේලනය, ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය සහ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ලියාපදිංචිය මෙසේ තාවකාලිකව අත්හිටුවා තිබේ.
එමෙන්ම තාවකාලිකව එකී සංගම්/සම්මේලන පහේ පරිපාලනය හා වෙනත් කාර්යයන් යථා පරිදි ඉටු කිරිම සඳහා මෙන්ම අදාළ නිලවරණයන් කැඳවීම හා පැවැත්වීම සඳහා දෙසැම්බර් 21දා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතා නිසි බලධරයා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබ තිබේ.
අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.