ක්‍රීඩා

කෙදෛව්වන්ට පහසු ජයක්!

Published

on

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (13) පැවති පළමු තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය ඉලක්කය පන්දුවාර 19.1කදී ළඟාකර ගැනීමට සමත් විය.

කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ බ්‍රෙන්ඩන් කිං හා එවින් ලුවිස් පළමු කඩුල්ලට පන්දු 55කින් ලකුණු 107ක සබඳතාවක් ගොඩනැගූ අතර බ්‍රෙන්ඩන් කිං පන්දු 33කින් ලකුණු 63ක් රැස් කළේය.

ලුවිස් පන්දු 28කින් ලකුණු 50ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2ක් දවා ගත් අතර මහේෂ් තීක්ෂණ, වනිඳු හසරංග සහ කමිඳු මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

තරගයේ වීරයා ලෙස බ්‍රෙන්ඩන් කිං සම්මාන දිනාගත්තේය.

දෙරට අතර පවත්වන දෙවැනි විස්සයි 20 තරගය හෙට (15) දඹුල්ලේදීම පැවැත් වේ.

Trending

Exit mobile version