Connect with us

ක්‍රීඩා

චමරි අතපත්තු පරාජයට හේතු පැහැදිලි කරයි

Published

on

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් ඉවත් වී තිබේ.

ඒ ඉන්දියාව සමඟ පැවැති තරගය ලකුණු 82කින් පරජයට පත්වීමත් සමඟය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 172කි.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 90ක් පමණි.

මෙය මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ද වේ.

පරාජය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, කණ්ඩායම් නායිකා චමරි අතපත්තු ප්‍රකාශ කළේ, තමන් ඇතුළු කණ්ඩායම සිදු කළ යුතු දේ පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවය.

පන්දු යැවීමේ අංශය දුර්වල වීම තරගය පරාජය වීමට හේතු වී තිබේ.

“අපි හොඳින් පන්දු යැව්වේ නැහැ. ඒ වගේම උඩපන්දු අතහරියා. මම, විශ්මි ඇතුළු පිරිසට හොඳින් පිතිකරණයේ යෙදෙන්න බැරි වුණා. අපි කරන්න අවශ්‍ය දේවල් ගැන නැවත සිතා බලන්න ඔනේ. අපිට මුල් තරග දෙකේදී අපිට ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්න වුණත්, මෙම තරගයේදී හඹා යන්න වුණා. පළමු තරග දෙකේදී කණ්ඩායමේ පන්දුයැවීම ගැන සතුටුයි. අපේ පිතිකරණය වැඩිදියුණු කරන්න ඔනේ.”

ක්‍රීඩා

බංග්ලාදේශය ගෞරවය රැක ගනියි

Published

on

By

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය බංග්ලාදේශය ලකුණු 16කින් ජය ගත්තේ ය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 248ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 232ක් පමණි.

Continue Reading

ක්‍රීඩා

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

Published

on

By

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.

ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන් වේ.

ඩියෝගෝ, විරූට් කාර්ඩෝසෝ සමග විවාහ වූයේ මේ වසරේ ජුනි 22දා ය. ඔවුන් දෙදෙනා හට දරුවන් තිදෙනෙකු සිටියි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවය.

ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව ලිවර්පූල් කණ්ඩායමට දිනාදීමට බෙහෙවින් දායක වූ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved