ක්‍රීඩා

චමරී සරසන්න උත්සවයක්

Published

on

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකා චමරී අතපත්තු ඇගයීමේ උත්සවයක් අද (15 )  කොළඹ ටාජ් සමුද්‍රා හෝටලේ දී පැවැත්වේ.

චමරී නායකත්වය දරන හලාවත මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන මෙම උත්සවය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා, සනත් ජයසූරිය යන මහත්වරුන් විශේෂ ආරාධිත අමුත්තන් ලෙස එක්වේ.

මේ වනවිට ICC ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරඟ වලින් පළමුවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ චමරී අතපත්තු යි.

අද පස්වරු 5.00 සිට Sri Lanka Mirror  ඔස්සේ මෙම සුවිශේෂී අවස්ථාවේ සජීවී විකාශය නැරඹීමේ හැකියාව ඇත.

Trending

Exit mobile version