ක්‍රීඩා

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට ලංකාවේ සහය

Published

on

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජපාන ක්‍රිකට් සංගමය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

මේ යටතේ මෙරට ක්‍රීඩකයින්, ක්‍රිකට් කණ්ඩායම්, පුහුණුකරුවන් සහ ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩල සාමාජිකයින් ජපානයට යැවීමෙන් එරට ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු යෙදෙනු ඇත.

තවද, පන්දුවාර විස්සයි 20 තරග සඳහා මෙරට ක්‍රීඩකයන් ජපානයට යැවීමටත්, එහි ක්‍රීඩකයන් හට මෙරටදී සත්කාරකත්වය ලබාදීමටත්, LPL කණ්ඩායම් සමග පුහුණුවීමට ජපාන ක්‍රීඩකයින්ට ද අවස්ථාව ලබාදීමටත් නියමිතය.

මෙම ගිවිසුමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාද, ජපාන ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී – කොතාරො කත්සුකි මහතාද අත්සන් තබා ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සහ ජපාන ක්‍රිකට් සංවර්ධනය සඳහා වන සුහද තානාපති ලෙස ජපාන ක්‍රිකට් සංගමය විසින් පත් කරන  ප්‍රියන්ත කාරියප්පෙරුම මහතාද එක්විය.

Trending

Exit mobile version