ක්‍රීඩා

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලින් ඉන්දියාව පහළට

Published

on

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල නවත ශ්‍රේණිගත කිරීම් නිකුත් කර තිබේ.

ඒ අනුව එහි ප්‍රථම ස්ථානයේ තවදුරටත් රැඳසිටින්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

පාකිස්ථානය සමඟ පැවැති පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ දකුණු අප්‍රිකානු පිළ එහි දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බව සඳහන්ය.

ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලි පරාජය හේතුවෙන් ඉන්දිය කණ්ඩායම තෙවන ස්ථානය දක්වා පසුබැස තිබේ.

එංගලන්තය සහ නවසීලන්තයට පිළිවෙළින් සිව් වන සහ පස් වන ස්ථානවල පසුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට එහි හිමිව ඇත්තේ, හය වන ස්ථානයයි.

Trending

Exit mobile version