ක්‍රීඩා

තරග පාවාදුන් තවත් සෙට් එකක නම් සචිත්‍ර හෙළිකරලා 

Published

on

ලංකා ප්‍රිමියර් ලීගයේ තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ශ්‍ර්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක විසින් හෙළි කරන ලද තවත් කිහිප දෙනකු පිළිබඳ වැඩි දුර පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

සචිත්‍ර නැවත ඊයේ (15) උසාවියට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සචිත්‍ර විසින් ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ට යවන ලද වට්ස් ඇප් පණිවුඩයක ” මේ දේ කරන තවත් අය ඉන්නවා.” යනුවෙන් සඳහන් කර ඇති බව පවසා ඇත.

ඒ අතර රවීන්ද්‍ර චින්තක, අරවින්ද, ලසිත් මාලිංග, තිළිණ කන්ඩම්බි, ෆර්වීස් මහරූෆ් හා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ගේ නම් සඳහන් වේ. 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ ( 15 ) සචිත්‍රව ලබන 25 තෙක් නැවත රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළේය.

මේ අතර මහේස්ත්‍රාත්වරයා ලබන 19 දා බන්ධනාගාරයට ගොස් සචිත්‍රගෙන් වැඩි දුරටත් ප්‍රකාශයක් ගැනීම සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීම සඳහා වන විශේෂ පොලිස් ඒකකයට අවසර ලබා දී ඇත.

Trending

Exit mobile version