Connect with us

ක්‍රීඩා

තාලිබාන් පාලනය ගැහැණු ළමයින්ට කරන වැඩ නිසා ඔස්ට්‍රේලියාව ඇෆ්ගන් කොන් කරයි

Published

on

තාලිබාන් පාලනය යටතේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට දිගින් දිගටම සිදුවන සීමා පැනවීම හේතුවෙන් අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබු පන්දුවාර විස්සයි 20 පිරිමි තරගාවලියෙන් ඔස්ට්‍රේලියාව ඉවත්ව තිබේ.

20/20 තරග තුනකින් සමන්විත තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

සිය රජයේ උපදෙස් අනුව ඇෆ්ගනිස්ථානයේ වෙසෙන කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා වන තත්ත්වය “වඩාත් නරක අතට හැරෙමින් පවතින” බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසයි.

2021 දී තාලිබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්ථානය සමඟ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ තුන්වන අවස්ථාව මෙයයි.

2021 සැප්තැම්බරයේ දී එක් ටෙස්ට් තරගයක් සහ 2023 මාර්තු මාසයේ පැවති තරග තුනකින් යුත් (පිරිමි) එක්දින තරගාවලියක් ද ඔස්ට්‍රේලියාව විසින් අවලංගු කරන ලදී.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාව අඛණ්ඩව ඇෆ්ගනිස්ථානය සමග තරගාවලි වලදී ක්‍රීඩා කරනු ලබයි.

‘කිසිම සැකයක් නැහැ, මෙතෙක් වාර්තා වූ විශිෂ්ටතම එක්දින ඉනිම එයයි’

පසුගිය වසරේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ පැවති තරගයේදී ඇෆ්ගනිස්ථානය කඩුලු 03කින් පරාජය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

“ඔස්ට්‍රේලියානු රජය සමග සිදුකළ සාකච්ජා වලදී ලැබුණු උපදෙස් වලින් අනතුරුව, ඔස්ට්‍රේලියායානු ක්‍රිකට් ආයතනය විසින් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා මානව හිමිකම්වල කැපී පෙනෙන පිරිහීමක් දක්නට ලැබෙන බැවින් 2023 වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරඟාවලිය කල් දමනු ලැබුවා” ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

“පසුගිය මාස දොළහ තුළ ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබඳව ඔස්ට්‍රේලියානු රජය සමඟ අඛණ්ඩව සාකච්ඡා කරනු ලැබුවා. රජයේ උපදෙස් වන්නේ ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා පවතින තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බවයි. මේ හේතුව නිසා, අපි අපගේ පෙර ස්ථාවරය පවත්වා ගෙන යන අතර ඇෆ්ගනිස්ථානයට එරෙහිව ද්විපාර්ශ්වික තරගාවලිය කල් දමනු ලබනවා.” ඔස්ට්‍රේලියා ක්‍රිකට් පැවසීය.

“ලොව පුරා කාන්තා සහ ගැහැණු ළමුන් ක්‍රිකට් ක්‍රීඩාවේ සහභාගීත්වය වෙනුවෙන් ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය තමන්ගේ කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යන අතර අනාගතයේදී ද්විපාර්ශ්වික තරග නැවත ආරම්භ කිරීමට සහාය වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය සමඟ සමීපව කටයුතු කරනවා.” යැයි එම නිවේදනයේ සඳහන්ව තිබේ.

තාලිබාන් සංවිධානය 2021 වසරේ අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයේ නැවත බලයට පත් වූ අතර කාන්තාවන්ට වැඩ කිරීමට සහ ඉගෙනීමට ඇති අයිතිවාසිකම් සීමා කර ඇත.

තාලිබාන් : මේ කවුද?

ඇෆ්ගනිස්ථානයේ ගැහැණු ළමයින්ට ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමට අවසර ඇත. එහෙත් නව යොවුන් වියේ ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට පාසල් සහ විශ්ව විද්‍යාල වලට ඇතුළුවීම තහනම් කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට සහ තරුණ ගැහැණු ළමුන්ට උද්‍යාන, ශාරීරික ව්‍යායාම් මධ්‍යස්ථාන සහ නාන තටාකවලට ඇතුල්වීමට අවසර නැත. රූපලාවන්‍යාගාර වසා දමා ඇති අතර කාන්තාවන් තම දෑස් පමණක් පෙනෙන ආකාරයට ඇඳුම් පැළඳුම් භාවිතය සිදු කළ යුතුය.

ඔවුන් කිලෝමීටර 72 (සැතපුම් 45) ට වඩා වැඩි දුරක් ගමන් කරන්නේ නම් ඔවුන් සමඟ පිරිමි ඥාතියෙකු සිටිය යුතුය.

මූලාශ්‍ර්‍රය – BBC සිංහල

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

Published

on

By

සත්කාරක ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02)  පැවැත්වීමට නියමිතය.

තරගාවලියේදි චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවන්නේ මෙහෙදි හසන් මිරාස් ය.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද(02) තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙන් ය.

අද තරගයට මිලාන් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අද තරගය පස්වරු 02.30ට ආරම්භ කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved