Connect with us

ක්‍රීඩා

රත්නායකලා ශ්‍රී ලංකා ඒ පිලට තුන්කොන් ක්‍රිකට් ශූරතාව රැගෙන දෙති

Published

on

අබුඩාබිහි පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී අයර්ලන්ත ඒ පිල පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ඒ පිල එහි ශූරතාව දිනා ගැනීමට සමත් විය.

මුලින්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත ඒ පිලට පන්දු වාර 47.3 කදී රැස් කර ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 200 ක් පමණි.

මූලික වටයේ තරග හතරම ජයගෙන තිබුණු ශ්‍රී ලංකා පිලට මෙය පහසු ඉලක්කයක් සේ පෙනුනද එක් අවස්ථාවක මුල් කඩුලු 5 ම ලකුණු 43 කට දැවී යාම නිසා තරගයේ බලාපොරොත්තු අත හරින තත්තවයක් උදා වුවද පිටියේ එක්වූ පවන් රත්නායක හා මිලාන් රත්නායක 6 වන කඩුල්ල සඳහා ලකුණු 160 ක අගනා අඛණ්ඩ සබඳතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ඒ පිලට අවසානයේ පහසු ජයග්‍රහණයක් අත් කර දුන්නේ තවත් පන්දු වාර 15.3 ක් ඉතිරිව තිබියදීය.

මිලාන් රත්නායක පන්දු 83 කදී හතරේ පහර 9 ක් හා හයේ පහර 2ක් සමග නොදැවී ලකුණු 77 ක්ද පවන් රත්නායක පන්දු 76 කදී හතරේ පහර 9 ක් හා හයේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 77 ක්ද රැස් කළෝය.

අයර්ලන්ත ඉනිමේ ලකුණු 24 කට කඩුලු 3 ක්ද බිඳ හෙලූ මිලාන් රත්නායක අවසන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.

තරගාවලිය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ තරිඳු රත්නායක ලකුණු 33කට කඩුලු 4:ක් දවාලීමට සමත් විය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා ඒ පිලේ ජයග්‍රහණය සඳහා රත්නායකලා තිදෙනකුම දායක වීම විශේෂ සිද්ධියකි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ඒ පිලේ නායකත්වය සදීර සමරවික්‍රම විසින් දරනු ලැබූ අතර අවිෂ්ක ගුණවර්ධන පුහුණුකරු ලෙස කටයුතු කළේය.

විශේෂ වාර්තාකරුවකු අබුඩාබියේ සිට ..
අනුග්‍රහය ශ්‍රී ලන්කන්

ක්‍රීඩා

T10 තරග පාවා දීමේ සිදුවීමට ගෝල් මාර්වල්ස් හිමිකරු ප්‍රේම් තක්කාර්ට අත්හිටවූ සිර දඬුවම්

Published

on

By

ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ තරඟ පාවාදීමේ චෝදනාවකට වරද පිළිගත්, ලංකා T10 ලීගයේ ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දියානු ජාතික ප්‍රේම් තක්කාර්ට වසර 10කට අත්හිටවූ වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.

මේ අතර තක්කාර්ට රුපියල් මිලියන 6ක දඩයක් ද නියම කර ඇති අතර, රුපියල් මිලියන 1ක වන්දියක් ගෙවීමට ද මහනුවර මහාධිකරණය නියෝග කර ඇත.

ඊට අමතරව, අඛණ්ඩ විමර්ශනවල කොටසක් ලෙස තක්කාර්ගේ ජංගම දුරකථනයෙන් දත්ත බාගත කර පරීක්ෂා කරන ලෙස ICC දූෂණ විරෝධී ඒකකය කළ ඉල්ලීමක් මහනුවර මහාධිකරණය විසින් අනුමත කරන ලදී.

ඉකුත් 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී ලංකා T10 ලීගය අතරතුර ගාලු මාර්වල්ස් සම්බන්ධ වූ තරඟයක ප්‍රතිඵලයට බලපෑම් කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක අන්ඩ්‍රෙ ෆ්ලෙචර්ට උපදෙස් ලබා දීමෙන්, තක්කාර් තරග පාවා දීමට උත්සාහ කළ බවට නීතිපතිවරයා මෙම වසර මුලදී අධිචෝදනා ගොනු කලේය.

සබැඳි පුවත්

Continue Reading

ක්‍රීඩා

IPL තරගයේ පළමු සුදුසුකම් ලැබීමේ තරගය අද

Published

on

By

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගය අද(29) පැවැත්වේ.

ඒ පංජාබ් කිංග්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම් අතරයි.

අද තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කර ගන්නා පළමු කණ්ඩායම බවට පත්වනු ඇත.

ඉන්දියාවේ මුල්ලාන්පූර්හිදි පැවැත්වෙන අද තරගය මෙරට වෙලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Continue Reading

ක්‍රීඩා

කොරියාවේදී ලංකාවේ නම බැබලවූ කාලිංග

Published

on

By

දකුණු කොරියාවේ පැවැත්වෙන 26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) පැවති මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේට හිමිවී තිබේ .
තරගය අවසන්කිරීම සඳහා ඔහු තත්. 45.55ක දක්ෂතාවක් දැක්වූ බව සඳහන් වේ .

තත්. 45.33කින් මෙම ඉසව්ව අවසන්කළ කටාර් රාජ්‍යයේ අමර් ඊබ්‍රහිම් විසින් මෙහි රන් පදක්කම දිනාගෙන තිබේ .

එමෙන්ම රිදී පදක්කම ජපානයේ කෙන්ටාරෝ සාටෝ දිනාගත් අතර, ඔහු තත් 45.50කින් තරගය අවසන් කර ඇත .

ඊයේ (27) ආරම්භ වූ මෙම ශූරතාවලිය එළැඹෙන 31වනදා දක්වා දකුණු කොරියාවේ ගුමි හිදී පැවැත්වේ .

1973 වසරේදී ආරම්භ වූ මෙයට දකුණු කොරියාව සත්කාරකත්වය දක්වන තෙවන අවස්ථාව මෙයයි. මීට පෙර 1975 සහ 2005 වර්ෂන්හිදී ඔවුන් සත්කාරකත්වය ලබාදී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved