ක්‍රීඩා

තෙවැනි තරග​ය ලංකාව ජය ගනියි!

Published

on

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තෙවෙනි සහ අවසන් එක්දින තරගයෙන් ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (20) සමත් වූවාය.

මුලින්ම පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා පිල ලකුණු 122කට සීමා කිරීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත් විය.

එහිදී අචිනි කුලසූරිය හා චමරි අතපත්තු කඩුලු 3 බැගින් දවා ගත් අතර සචිනි නිසන්සලා කඩුලු 2ක් දවා ගත්තාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පන්දුවාර 23.1කදී කඩුලු 2ක් පමණක් දැවී ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය.

කෙසේවෙතත් 2 -1ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගැනීමට අයර්ලන්ත ය සමත්විය.

සබැඳි පුවත්:

ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තයට

ලංකාව තියුණු සටනක් දී අයර්ලන්තයට ලකුණු 15කින් පරදියි ; හර්ෂිතාගෙන් ශතකයක්

Trending

Exit mobile version