ක්‍රීඩා

දකුණු අප්‍රිකාව ලංකාව පහසුවෙන් පරදවයි

Published

on

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරගය කඩුළු 6කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පන්දුවාර 19යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 77ක් පමණි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 19ක් රැස්කර ගත්තේය.

ඇන්ජලෝ මැතිව්ස් රැස්කර ගත් ලකුණු සංඛ්‍යා ලකුණු 16යි.

කමිදු මෙන්ඩිස් පන්දු 15කදී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 11කි.

දසුන් ශානක ලකුණු 9යි. මහීෂ් තීක්ෂණ නොදැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 7කි.

චරිත් අසලංක ලකුණු 6ක් රැස්කර ගත්තේය.

පැතුම් නිශ්ශංක ලකුණු 3යි.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඇන්රිච් නොර්ට්ජේ කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණී දකුණු අප්‍රිකානු පිතිකරුවන් පන්දුවාර 16යි පන්දු 2කදී කඩුළු 4ක් දැවී ලකුණු 80ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් ක්වින්ටන් ඩිකොක් ලකුණු 20ක් රැස්කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වනිදු හසරංග කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

නුවන් තුෂාර හ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

මෙම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර 20යි 20 පිටියේ වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක් වුණි.

Trending

Exit mobile version