ක්‍රීඩා

දිමුත් ජගත් ක්‍රිකට් පිටියට සමුදෙන්න යයි!

Published

on

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙකු මෙන්ම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය ඇති බව වාර්තා වෙයි.

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව දිමුත්, මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට නියමිතය.

මෙම තරගයේ තවත් විශේෂත්වයක් වන්නේ, දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන 100 වෙනි ටෙස්ට් තරගය වන නිසාවෙනි.

දිමුත් සිය තීරණය පිළිබඳව හෙට දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැන්වීමට නියමිත බවද වාර්තා වේ.

මේ අතර, ඩේලි FT පුවත්පත වෙත අදහස් දක්වමින් දිමුත් පවසා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමෙන් අනතුරුව ඔහු ලබන මාසයේදී සිය පවුලේ සාමාජිකයන් සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට නියමිත බවයි.

36 හැවිරිදි දිමුත් කරුණාරත්න මේ දක්වා ටෙස්ට් තරග 99ක් ක්‍රීඩා කර ඇති අතර, මේ දක්වා ලකුණු 7,172ක් රැස්කර තිබේ.

ඔහු ටෙස්ට් තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 244කි.

Trending

Exit mobile version