ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇතැයි වාර්තා වේ.
ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙනි.
පසුගියදා නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ බී ලව් කැන්ඩි කණ්ඩායම නියෝජනය කරමින් සිටින අතරතුර ද ඔහු උරහිසේ ආබාධයකට ලක් විය. ඒ හේතුවෙන් එම තරගාවලියේදීද ඔහුට ක්‍රීඩා කළ හැකි වූයේ තරග කිහිපයක් පමණි.
මේ පිළිබඳව නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහුට තරගාවලියේ සියලු තරග අහිමි වනු ඇති බවයි.
ආබාධය හේතුවෙන් ඔහුව විවේකගන්වා ඇති බවත්, චමීර යනු ලෝක කුසලානයට ඉතා වැදගත් ක්‍රීඩකයෙක් බැවින් ඔහුව ආසියානු කුසලානයෙන් ඉවත් කර ඇති බවත්, ලෝක කුසලානයේ දින උදා වන විට පූර්ණ සුවයෙන් සිටියොත් ඔහුව කණ්ඩායම සඳහා සලකා බැලෙනු ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.