Connect with us

ක්‍රීඩා

ධනංජය ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

Published

on

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 6කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා ඉහලට පැමිණීමට ශ්‍රී ලංකාව හැකිවිය.

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා තවදුරටත් බලාපොරොත්තු තබාගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍යම තරගයක් විය. එහිදී ධනංජය ද සිල්වා (66) නොදැවී අර්ධ ශතකයක් වාර්තා කළේය.

මෙම තරග පරාජයත් සමඟ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වනු ඇත.

ක්‍රීඩා

හොංකොං සික්සස් ශූරතාව ලංකාවට

Published

on

By

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.

අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 3.5කදී සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය කඩුලු 3ක් දැවී තිබියදී තරගයේ 5වැනි පන්දුවාරයේදී පසුකර යාමට සමත්විය.

මේ තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර 2007 වසරේදී මීට පෙර ශූරතාව දිනා ගැනීමට සමත්විය.

Continue Reading

ක්‍රීඩා

ලංකා T10 ලීගයේ කණ්ඩායම් හය මෙන්න!

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරගවදින කණ්ඩායම් 6හි නම් අද (01) පස්වරුවේ ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව මෙම කණ්ඩයම් වන්නේ : කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාවල්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් හා නිගම්බු බ්‍රේව්ස් ය.

දෙසැම්බර් මස 12දා – 22දා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (ක්‍රීඩකයින් තෝරා ගැනීම) නොවැම්බර් 10දා කොළඹදී සිදු කිරීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

මතීෂට කෝටි 45ක් ගෙවයි

Published

on

By

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ම ක්‍රීඩා කිරීමට නියමිතය.

ඒ ඔහුව ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ම රඳවා ගැනීමට එම කණ්ඩායමේ බලධාරීන් තීරණය කිරීම හේතුවෙනි.

එහිදී මතීෂට ඉන්දීය රුපියල් කෝටි 13ක් හෙවත් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.56ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 45ක් පමණ) හිමිවෙයි.

මතීෂ පතිරණට වඩා වැඩි මුදලකට ඊළඟ වාරය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් තවදුරටත් කණ්ඩායමේ රඳවාගෙන ඇති ඉහළම ගෙවීමක් ඇති ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ රටුරාජ් ගයික්වාඩ් සහ රවින්ද්‍ර ජඩේජා. ඔවුන් දෙදෙනාට ඉන්දීය රුපියල් කෝටි 18 බැගින් ගෙවීම් සිදුවේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved