Connect with us

ක්‍රීඩා

ධනුෂ්කට ඇප

Published

on

කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප ලැබී තිබේ.

ඒ අනුව ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ධනුෂ්ක ව ඇපමත නිදහස් කිරීමට සිඩ්නි අධිකරණයක් නියෝගකර තිබේ.

මහේස්ත්‍රාත් ජැනට් වැක්විස්ට් විසින් පහත සඳහන් ඇප කොන්දේසි ධනුෂ්කට එරෙහිව පනවා තිබේ.
– ඩොලර් 150,000 ඇපයක්
– දිනපතා පොලිසියට වාර්තා කළ යුතුය
– රාත්‍රී 09ත් උදෑසන 06ත් අතර ගමන් බිමන් තහනම්
– ටින්ඩර් ඇතුලු Dating Apps භාවිත කිරීම තහනම්
– පැමිණිලිකාරිය සමග සම්බන්ධතා පැවැත්වීම තහනම්

31 හැවිරිදි ධනුෂ්ක ව පසුගිය 06 වනදා සිඩ්නි පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනුණි.

සබැඳි පුවත් :

ධනුෂ්කට 2වැනි පාර තවම ඇප ඉල්ලලා නෑ; ඩොලර් ප්‍රශ්නයක්!

ධනුෂ්ක ගේ සිද්ධියට ඇමති සමාව ඉල්ලයි

“ධනුෂ්කගේ නඩුකටයුතු වල සියළු වියදම් ඔහුගෙන් පියවා ගන්නවා”

ධනුෂ්කට ක්‍රිකට් තහනමක්

ධනුෂ්ක ගුණතිලකට ඇප නෑ!

ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී අත්අඩංගුවට

ක්‍රීඩා

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමට අලුත් හිමිකරුවෙක්

Published

on

By

එළඹෙන LPL තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් නිවේදනය කරයි.

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ප්‍රිමියර් ලීග් ඊයේ (22) කටයුතු කළ අතර, එහි හිමිකාරීත්වයේ වෙනසක් සමග මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වෙන බව අදාළ නිවේදනයේ දැක්වේ.

LPL තරගාවලියේ විනිවිඳභාවය සහ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බව සඳහන් වේ.

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම සඳහා යෝජනා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම් හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තමීම් රහමාන් මැයි  31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

සබැඳි පුවත්:

Continue Reading

ක්‍රීඩා

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් අත්හිටුවයි

Published

on

By

එළඹෙන LPL තරගාවලිය සඳහා සහභාගීවීමට නියමිතව සිටි දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කළ බව ලංකා ප්‍රිමියර් ලීග් නිවේදනය කරයි.

LPL සංවිධායක කමිටුවේ සභාපති අනිල් මොහාන් මහතා පවසා ඇත්තේ  LPL තරගාවලියේ විනිවිදභාවය සහ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බවය. 

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ Imperial Sports Group ප්‍රධාන විධායක නිලධාරී තමීම් රහමාන් මුහුණදී ඇති නීතිමය කරුණු සලකාබලා ඉහත තීරණය ගත් බවයි.

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම සඳහා යෝජනා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම් හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තමීම් රහමාන් මැයි  31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියම කළේය.

Continue Reading

ක්‍රීඩා

සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

Published

on

By

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය.

ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved