Connect with us

ක්‍රීඩා

ධනුෂ්කට ක්‍රිකට් තහනමක්

Published

on

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකාව තුළ සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත කිසිම තරගාවලියක් වෙනුවෙන් ඔහු තේරීම් සඳහා සලකා නොබලන බවද ක්‍රිකට් ආයතනය පවසයි.

ධනුෂ්ක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඔස්ට්‍රේලියාවේදී ධනුෂ්කට එරෙහිව විභාග වන නඩුවේ තීන්දුව අනුව ඔහු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගන්නා බවද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එසේම මෙම විමර්ශන සඳහා ඔස්ට්‍රේලියාවට අවශ්‍ය සියලු සහයෝගයන් ලබාදීමට ක්‍රිකට් ආයතනය සූදානම් බවද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ක්‍රීඩා

IPL අවසන් මහා තරගය අද

Published

on

By

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ප්‍රබල සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතරය.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වය පැට් කමින්ස් විසින් දරනු ලබනු අතර, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය ශ්‍රෙයාස් අයියර් විසින් දරනු ලබයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට චෙන්නායි හි එම්.ඒ. චිතදම්බරම් ක්‍රීඩාපිටියේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

https://www.msn.com/en-ca/sports/cricket/watch-ahead-of-ipl-2024-final-shah-rukh-khan-recalls-saddest-moment-as-kkr-co-owner/ar-BB1n3moj?ocid=socialshare#fullscreen

Continue Reading

ක්‍රීඩා

IPL  කුසලානය කාටද?

Published

on

By

මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ සමත්විය.

ඒ අවසන් තරග වටයේ තුන්වැනි තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 36කින් පරාජය කරමිනි.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම IPL අවසන් තරගයකට සුදුසුකම් ලබා ගත් තුත්වැනි අවස්ථා මෙය වන අතර  මෙවර IPL අවසන් මහ තරගය කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර චෙන්නායි හිදී හෙට (26) පැවැත්වීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

යුපුන් ජර්මනියේදීත් එක වෙයි

Published

on

By

ජර්මනියේ පැවති Internationales Leichtathletik Meeting මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් විය.

ඔහු මෙම ඉසව්ව අවසන් කළේ තත්පර 10.16කිනි. 

යුපුන් මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාවය ලෙසය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved