ක්‍රීඩා

ධනුෂ්ක ගේ සිද්ධියට ඇමති සමාව ඉල්ලයි

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ICC T20 ලෝක ශූරතාවයට සහභාගී වීමේදී ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධියට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සමාව අයැද ඇත.

ඔහු විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ධනුෂ්ක ගේ තනි, වගකීම් විරහිත ක්‍රියාව සම්බන්ධයෙන් තමා ඕස්ට්‍රේලියාවේ වින්දිත පාර්ශවයෙන්, එරට රජයෙන් හා වැසියන්ගෙන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සමාව අයැදින බවයි.

මේ සම්බන්ධයෙන් දැඩි ලෙස කනස්සල්ලට පත්වන අතරම තමා විසින් සිය රට හා වැසියන් වෙනුවෙන් වගකීම භාරගෙන අවශ්‍ය සහ පිළියම් ක්‍රියාමාර්ග ගන්නා බවද එහි දැක්වේ.

ක්‍රීඩා අමාත්‍යවරයා ගේ ට්විටර් පණිවිඩය පහත දැක්වේ :

Trending

Exit mobile version