ක්‍රීඩා

නවසීලන්තයට යන විස්සයි-20 සංචිය නම් කරයි

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිතව තිබෙන නවසීලන්ත තරග සංචාරයේ විස්සයි-20 තරගාවලිය සඳහා තෝරාගත් සංචිතය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පක් කර ඇත.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත වේ.

නවසීලන්තයේදී, ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 බැගින් වූ විස්සයි20 හා එක්දින තරගාවලිකට ක්‍රීඩාකරන අතර, ඉන් පළමුව විස්සයි20 තරගාවලිය පැවැත්වේ.

එම තරග මේ මස 28, 30 සහ 2025 වසරේ ජනවාරි 2 යන දිනවල පැවැත්වීමට සැලසුම්කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් 20 වනදා නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය
චරිත් අසලංක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිදු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු

Trending

Exit mobile version